(Video Copied Adaderana)

බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි බිඳ දැමීමට සූදානම් වන බව මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට ප්‍රධාන වගකිව යුත්තා වන්නේ බැසිල් රාජපක්ෂ මහතා බවයි.

බදුල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකදී ඩිලාන් පෙරේරා මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශක කළේ ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා අපේක්ෂකයෙකු තෝරා ගත යුතු බවයි.