යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා බුදු දහමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය අහිමි නොකරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වන විට සකස් කරමින් සිටින බව අග්‍රමාත්‍යවරයා සඳහන් කළේය.

අරලියගහ මන්දිරයේ දී භික්ෂූන් වහන්සේ  පිරිසක් අග්‍රමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්ඡා කළ අතර එහිදී අග්‍රමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.

මේ අතර මෙම අවස්ථාවට එක්වූ  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටියේ දඹුලු ලෙන් විහාරය සම්බන්ධයෙන් තමන් අස්ගිරි පාර්ශවය සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.