මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව ප්‍රබල ජනමතයක් සමාජගත කිරීමට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.

මුළු මහත් ජන සමාජයම විනාශ කරමින් රටේ ජනතාව දරිද්‍රතාවයෙන් පීඩාවට පත්කරන මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීමට කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

යාපනය දිස්ත්‍රීක්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ‘මතින් නිදහස් රටක්‘මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ 08 වන අදියරේ ප්‍රධාන වැඩසටහනට එක්වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව පැවසීය.

මතින් නිදහස් රටක් ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළට දායක වෙමින් රටත් ජාතියත් වෙනුවෙන් වූ වගකීම ඉටු කරන ලෙස ජනාධිපතිවරයා එහිදී ඉල්ලා සිටියේය.

යුද බියෙන් නිදහස් වූ උතුරේ වර්තමානයේ ඇති බරපතළම සමාජ උවදුර මත්ද්‍රව්‍ය බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY