රාජපක්ෂ යුගයේ අතුරුදන් කල මධුෂ්කගේ නඩුව ඉදිරියට යද්දී, NGO නඩය ඩොලර් වලට මයුරිව විකුණයි..!!
මධුෂ්ක ද සිල්වා අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙක් ලෙස කටයුතු කල තිබුනා. 2013 සැප්තැම්බර් 02වනදා සුදු වෑන් රථයකින් පැමිණී මැර පිරිසක් ඔහු පැහැරගනු ලබන අතර ඉන්පසු ඔහු ගැන කිසිදු තොරතුරක් ලැබෙන්නේ නැහැ.
ඒ අතර මධුෂ්ක ගේ බිරිද මයුරි ඇතුලු සිවිල් සංවිධානවල පිරිස් පසුගිය කාලයේදී මධුෂ්කව සොයාගැනීම සදහා විවිද අන්දමේ බලපෑම් වල නියැලුනා.
 ඒ අතර මදුෂ්කගේ බිරිද වන මයුරිත් 2014 නොවැම්බර් 1 වන දින කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් ‘කරනු ලබන උද්ගොෂණ නවතා දමන ලෙස‘ තර්ජනය කරමින් අත්පා බැද මහ මග දමා ගිය බව ඔහුගේ බිරින්ද විසින් පොලිසියට පැමිණිල්ලක් සිදු කරනු ලැබුවා.
නමුත් පැවති රාජපක්ෂ පාලනය මේ සඳහා කිසිඳු ක්‍රියා මාර්ගයක් ගෙන තිබුනේ නෑ.
එසේ නැවතී තිබූ පරීක්ෂණ කටයුතු යහපාලන ආණ්ඩුව පැමිණ ආරම්භ කෙරූ අතර, මේ වන විට මදුෂ්කගේ නඩුව අනුරාධපුර මහාධිකරණයේ විභාග වෙමින් පවතිනවා.
මේ වන විට නඩුවාර 3ක් පසුකර ඇති අතර එයට සමගාමීව සිදුකරන පරීක්ෂණ කටයුතු වල ප්‍රගතිය පිළිබඳව ඉදිරි නඩු වාරයේදී පොලිසිය විසින් උසාවියට රපෝර්තු කිරීමට නියමිතව ඇති බවත් වාර්තා වෙනවා.
උසාවියට මේ වන විට රපෝර්තු වී ඇති කරුණු අනුව පැහැර ගෙන ඇති මධුෂ්ක විසින් අනුරාධපුර නගරයේ කප්පම් ගැනිම්මේ ක්‍රියාවලිය ප්‍රධාන කොටස් කාරයෙක් වී ඇත.
එමෙන්ම ඔහුගේ බිරින්ද මධුෂ්ක කසාද බැඳිමට පෙර හමුදාවේ මේජර්වරයෙක් විවාහ කරගෙන සිටි බවත් වාර්තා වෙනවා.එම විවාහයෙන්ද දරුවෙක් සිටි බවට විවිධ කරුණු වාර්තා වූවත් ඒ පිළිබඳව අපැහැදිලිය.
මේ කරුණු කෙසේ වෙතත් විවිධ සංවිධාන වල බලපෑම මත නඩුව විභාග කෙරුනත් රාජ්‍ය නොවන සංවිධාන වල කිහිප දෙනෙක් එක්වී මදුෂ්කගේ බිරිඳගේ සහයෙගයෙන් පැහැර ගැනුනු මෙම මදුෂ්කගේ පරීක්ෂණ කටයුතු සිදු නොකරන බවට විවිධ අසත්‍ය ප්‍රචාර ගෙනියමින්,
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය යෙදී ඇති මොහොතක ජනාධිපති කාර්යාලය අසලට විත් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය කෙලසීමේ විවිධ කූට ව්‍යාපෘතියක් සිදු කරන බවට මේ වන විට පොලිසිය විසින් කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.
මේ සඳහා විවිධ රාජ්‍ය නොවන සංවිධාන වල මෙරට ඒජන්තවරයන් ලෙස කටයුතු කරන පසුගිය සමයෙහි ආන්දෝලනයට තුඩු දුන් හිටපු අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ කැඳවුම්කරු, පෙරටුගාමී පක්ෂයේ උදුල් ප්‍රේමරත්න වැන්නවුන් මැදිහත්වී කටයුතු සිදු කරන බවට කරුණු අනාවරණය වී තිබෙනවා.
පොලිසිය පවසන්නේ ඊයේ මෙන්ම, අද උදෑසනද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන අවස්ථාව ඉලක්ක කරගමින් “භූමිතෙල් ගෑ ගැරඬින්” මෙන් අතුරුදන් වූ මදුෂ්කගේ බිරිඳවත් මොවුන් බලහත්කාරයෙන් රැගෙන පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට සහ බැංකී මූන් මහලේකම්වරයා නැවතී සිටින හිල්ටන් හෝටලය වෙත බලහත්කාරයෙන් කඩා වැදීමට උත්සහ කර  තිබෙනවා.
මෙම රාජ්‍ය නොවන සංවිධාන වල සල්ලි රැස්කිරීම සඳහා පසුගිය රාජපක්ෂ රෙජීමයේ මෙවැනි සිදුවීම් වලට මුහුණ දුන් පවුල්වෙත ඔවුන් ගොස් ඔවුන්ට විවිධ කරුණු ප්‍රකාශ කරමින්, එම පවුල් වල කඳුලු පිටරවල් වලට විකුණමින් ඩොලර් වලල මව්බිම පාවාදීමට මෙම අන්තවාදී සංවිධාන වලින් තවමත් කටයුතු කරමින් සිටින බවත් සඳහන් කළ යුතුමයි.
0 2 3 (2)