මලික් සමරවික්‍රම සහ කබිර් හෂිම් යන අමාත්‍යවරුන් බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කෙරෙන කොමිසම හමුවේ අද සාක්ෂි දුන්හ.

ඔවුන්ගෙන් කරුණු විමසුවේ සභාපති විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා ඇතුළු විනිසුරු මඩුල්ල යි.

ප්‍රශ්නකාරී බැඳුම්කර ගනුදෙනුව සිදුවීමට පෙර දිනයේ උදෑසන සාකච්ඡාවක් පැවති බවත්, එහිදී පසුගිය රජය සමයේ මාර්ග සංවර්ධන ව්‍යපෘතිවලට ගෙවිය යතුව තිබූ රුපියල් බිලියන 18 ක මුදලක් ලබාගැනීමේ අවශ්‍යතාව සාකච්ඡා වූ බව ත්අ මාත්‍යවරුන් දෙදෙනා ම මෙහිදී ප්‍රකාශ කළහ.

එහිදී රුපියල් බිලියන 3 ක් මහා මාර්ග අමාත්‍යංශය සතුව ඇති බවත්, ඉතිරි මුදල අවශ්‍යව ඇති බවත් කබිර් හෂිම් මහතා ප්‍රකාශ කර තිබේ.

මෙම සාකච්ඡාවට රවී කරුණනායක, කබීර් හෂිම්, මලික් සමරවික්‍රම යන මහත්වරුන් සමඟ මහ බැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරින් සහභාගි වූ බව අමාත්‍යවරුන් දෙදෙනා කොමිසම හමුවේ ප්‍රකාශ කළහ.

ඔවුන් කියා සිටියේ ඊට පසුදින පැවැත්වෙන බැඳුම්කර වෙන්දේසිය පිළිබද කිසිදු කරුණක් උදෑසන සාකච්ඡාවේදී අවධානයට ලක් නොවූ බවයි.

අර්ජුන් ඇලෝසියස්ගෙන් හෝ ඔහුගේ සමාගමෙන් එක්සත් ජාතික පක්ෂයට අරමුදල් ලැබී නැතැයි ද විනිසුරුවරුන්ගේ ප්‍රශ්න කිරිම් හමුවේ අමාත්‍යවරු පැවසූහ.