දුර්ලභ ගණයේ වනසතුන් දඩයම් කළ බවට චෝදනා එල්ල වූ සාද් ශරාෆ් නමැති පුද්ගලයා අද (03) පෙරවරුවේ නීතිඥවරයෙකු සමග පැමිණ පන්විල පොලීසියට භාර වී තිබෙනවා.

අප  වාර්තාකරු පැවසුවේ ඔහු තමන් සතුව තිබූ පිස්තෝලයක් සහ වායුපීඩන තුවක්කුවක්ද පොලීසියට භාරදී ඇති බවයි. මොහුව හෙට (04) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නකල්ස් රක්‍ෂිතයේ වෙසෙන දුර්ලභ ගණයේ වනසතුන් දඩයම් කිරීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වුණා. ඔහු තමන් විසින් එලෙස මරා දමන ලද වනසතුනගේ ඡායාරූපද ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියට මුදා හැර තිබුණා.

සැකකරු සමග අද දිනයේදී තවත් දෙදෙනෙකු මෙලෙස පන්විල පොලීසියට භාරවී තිබෙනවා. ඒ අනුව මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින මුළු සැකකරුවන් සංඛ්‍යාව 5 ක්.

07 Hunters-02-www.nethfm.com-00001 Hunters-02-www.nethfm.com-00002 Hunters-02-www.nethfm.com-00003 Hunters-02-www.nethfm.com-00004

LEAVE A REPLY