මිය ගිය පුද්ගලයා රත්මලානේ සිට හෙරොයින් නඩුවකට පෙනී සිටීමට පැමිණි 35 හැවිරිදි සුරේෂ් අසංක සිල්වා නැමැත්තෙකි

මෙම වෙඩි තැබීම පුද්ගලික ආරවුලක් මත සිදු වූවක් බවට පොලීසිය සැක පළ කරයි.

ඝාතන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

කැලණිය කොට්ඨාශ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීම යටතේ එම මෙහෙයුම සිදුකෙරෙන බව පොලීසිය පැවසුවේය.

මහර අධිකරණයේ විභාග වූ හෙරොයින් සම්බන්ධ නඩුවකට පෙනී සිටීම සඳහා අධිකරණයට පැමිණි අවස්ථාවේ එම පුද්ගලයා මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණි.


මහර මහේස්ත්‍රාත් අධිකරණයට වෙඩි තැබීමක්

මහර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් එක් අයෙකුට තුවාල සිදු ව ඇති බවයි වාර්තා වෙන්නේ.

හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර බන්ධනාගාරයේ සිට රැගෙන එමින් සිටි රැදවියන් පිරිසක් ඉලක්ක කර වෙඩි තැබීම සිදු කර ඇති බවත් වාර්තා වෙනවා.

LEAVE A REPLY