හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා බව පැවසෙන හමුදා ‍මේජර්වරයකු වූ නෙවිල් වන්නිආරච්චිට එරෙහිව අල්ලස් කොමිසම විසින් අද නඩු 5ක් ගොනු කර තිබේ.

2010 සිට 2014 දක්වා වසර 5ක් තුළ උපයාගත් වත්කම් හා බැරකම් හෙළි නොකිරීම සම්බන්ධයෙන් මෙම නඩු ගොනුකළ බව අල්ලස් කොමිසම කියයි.

ඒ අනූව ලබන සැප්තැම්බර්  28 වැනිදා ඔහුට අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කර ඇති බවද අල්ලස්‌ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ලක්‍ෂ්මි ජයවික්‍රම මහත්මිය පැවසුවාය.

LEAVE A REPLY