කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පෙරටු කොට ගත් ඒකාබද්ධ විපක්ෂය හා ඔවුන්ගේ දේශපාලන අතකොලු ව්‍යවස්ථා සම්පාදනයට එරෙහිවීම  “හිතේ මවාගත් එකක්” සම්බන්ධයෙන් මතුකරන නොමනා විරෝධයක් බවට මල්වතු අනුනාහිමි නමක් විසින් හිටපු ආරක්ෂක ලේකම් වරයා හමුවේ දෝෂ දර්ශනයට ලක් කරන ලදී.

තවම කෙටුම්පත් කොට පවා නොමැතු අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩු විරෝධී කණ්ඩායම කරන උද්ඝෝෂණය අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් විසින් හඳුන්වනු ලැබුවේ “බඩේ ඉන්න දරුවාට කේන්දර හැදීමක්” ලෙසිනි.
උන්වහන්සේ ඒ බව කියා සිටියේ ත්‍රෛනිකායික මහනාහිමියන් ප්‍රමුඛ තමන්ද ඇතුලත් සංඝ නියෝජිත මණ්ඩලයක් අලුතින් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට විරෝධය පා ජනාධිපතිවරයා හමුවූ දිනට පසුදා මල්වතු-අස්ගිරි  නාහිමි වරුන් බැහැ දැකීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහනුවරට ගිය අවස්ථාවේය.අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන්ගේ මෙම ප්‍රකාශයත් සමඟ ගෝඨාබය රාජපක්ෂ කරකියා ගන්නට දෙයක් නොමැතිව ගොලු වී ඇත.