මහින්ද රාජපක්ෂ යනු දෙවරක් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධූරය දැරූ වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකි.මිනිසුන් ඔහුට රජෙකු සේ සැලකුවේ යුද්ධය නිමා කිරීම හේතුවෙන් හා රටේ සීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීම හේතුවෙනි.ජාති ආලය ලෝකයට පෙන්වූ ඔහු තම පවුලේ හා තම හිතවතුන්ගේ මඩිය තරකර ගත්තේ FCID යටද හසු කරගැනීමටද අපහසු වන ආකාරයටයි.තවද තවත් වසර දෙකක් ධූරකාලය ඉතුරුව පවතිද්දී ගෙදර යාමට සිදුවූයේ බල තණ්හාව නිසාය.

ඉරාජ් යනු ලාංකීය තාරුණ්‍යයේ ආදරය දිනා සිටින වත්මන් පරපුරේ ගායකයෙකි.ඔහුගේ ගීත වීඩීයෝ පට ගීත දර්ශකයන්හි හිමි පෙත්තේ රැඳී තිබුණි.ඔහු නිෂ්පාදනය කල ගීත තරුණ පරපුර අතර පමණක් නොව කුඩා දරුවන් අතරද මුවින් මුමුණනන තරමට හදවත් වලට ලංවිය.
ඉරාජ් හා මහින්ද අතර ඇති සම්බන්ධතාව නම් ඔහු තම නාමල් පුතුගේ සමීපතමයෙකි.නාමල් සමඟ කොළඹ සුප්‍රසිද්ධ බාලිකා පාසලකට ගොස් උම්මා ඉල්ලුවේද අන් කිසිවෙක් නොව ඉරාජ්‍ ය. තවද නාමල් රාජපක්ෂ ගේ තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ අධ්‍යක්ෂිකාවක් වූ අනුශිකා රිෂිනි වීරරත්නගේ වැඩිමහල් සොහොයුරා වන්නේද ඉරාජ්ය.

පොදු රාජ්‍ය මණ්ඩලීය 2018 ක්‍රීඩා උළෙල හම්බන්තොටට ලබා ගැනීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ‘සෙන්ට් කිට්ස්’ හි පවත්වන ලද උත්සව සංවිධානය කර ඇත්තේද රිෂ්නිගේ ‘රෙඩ් චෙරී’ ආයතනය විසින් බව පැවසේ.නාමල් රාජපක්ෂ මෙන්ම අනුෂිකා රිෂ්නි වීරරත්න සම්බන්ධයෙන් තොරතුරු සෙවීමට මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසය ආරම්භ කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකීය මුදුන් මල්කඩ වන අති පූජනීය දළදා මැඳුර ඉදිරියේ රාත්‍රී මෝටර් රථ තරඟ පැවැත්වූවා පමණක් නොව අඩ නිරුවත් රුසියානු තරුණියන් නැටවූයේය.ඉරාජ්ද ඊට දෙවැනි වන්නේ නැත.සිල් බිඳගැනීම හා කතන්දරය ඔස්සේ කාන්තා ඇඟ පසඟ පෙන්වා තම ගීත වීඩියෝවන්ට ජනප්‍රිය තාව ලබා ගනිමින් මුදල් පස්සේ හඹා යන මේ තරුණයා අද දිනයේ එලිදැක්වූ ප්‍රථම සමලිංගික ශ්‍රී ලංකානු ගීත වීඩියෝවේ සාඩම්බර හිමි කරුද වන්නේය.
ඔහු මොනර කොළ ඉදිරියේ කාන්තාව අමු අමුවේ වෙළෙඳ භාණ්ඩයක් කර විකුණූ පුද්ගලයෙකි.ජනප්‍රියතාව සමඟ ජනතාව රවටමින් මුදල් ඉපයීමේදී මොවුන් වෙනස් වන්නේ ඉරාජ් එලිපිට මුදල් උපයන අතර රාජපක්ෂ වරු හොර රහසේ මුදල් ඉපයීය. රාජපක්ෂවරු ලංකා මාතාව හොර රහසේ දූෂණය කරද්දී ඉරාජ් කාන්තා නිරුවත පෙන්වීම ඔස්සේ කාන්තාව එලිපිට දූෂණය කලේය.

මහින්ද කූට උපක්‍රම භාවිතා කර නැවත බලයට ඒමට උත්සහ ගනිද්දී ඉරාජ් කාන්තා නිරුවත හා කාන්තාව ලිංගික භාණ්ඩයක් සේ යොදා ගනිමින් තම ගීතවල ජනප්‍රියතාව වැඩි කරගනිමින් මඩිය තරකර ගැනීමට උත්සහ කරයි.අවසානයේ මහින්ද,නාමල් මෙන්ම ඉරාජ්ද දඟලන්නේ තම පෞද්ගලික අරමුණු මුදුන් පත් කර ගැනීමටයි.

කුමන හෝ තුරුම්පුවක් භාවිතා කර නැවත බලය ලබාගැනීමට මාන බලන රාජපක්ෂ වරුන්ට රටගැන හැඟීමක් නොමැත.ඉරාජ්ටද එසේමය. කිරි බොන වයසේ පොඩි උන්ට කුණු හරුප රැප් පුරුදු කිරීමෙහිලා මාතෘත්වයට නිගා කල කේසර් කයිස් මෙන් ඉරාජ් වීරරත්නද වගකිව යුත්තෙකි,අමු අමුවේ කාන්තාව ලිංගික භාණ්ඩයක් ලෙස විකුණූ ඉරාජ් හා ශ්‍රී ලංකා මාතව දූෂණය කල රාජපක්ෂ වරු අතර වෙනස්කමක් නොමැති තරම්ය .

-රාමා-