2008 වසරේ ආරම්භ වූ සයිටම් ආයතනය මේ වන විට ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයක් බවට පත් කර ඇත.මෙය ජාතික ප්‍රශ්නයක් බවට පත්කිරිමෙහිලා බංකොලොත් දේශපාලන හස්තයක් ඇති බව බුද්ධිමත් ජනතාව දනී.

2008 වසරේ මුල්ගල තැබීමේදී උද්ගෝෂණයක් තියා පෞද්ගලික වෛද්‍යය විශ්ව විද්‍යාලයක් යන වචන පේළි කිහිපයවත් නොකියූ පිරිස් අද මහපාරට බැස පොදු දේපල විනාශ කරමින් කෑ මොර දෙන්න පටන් ගෙන ඇත.සයිටම් සිසුන් එහි උපාධිය ලබාගෙන පිරිසක් පිටව ගොස් පවා අවසානය.නමුත් ප්‍රමිතිය ගැන මතක් වී ඇත්තේ යහපාලන රජය බලයට පත්වූ දා සිටය.

විශ්ව විද්‍යාල සිසුන් මහපාරට බස්සවා ඔවුන් ලවා පොදු දේපල හානි කරමින් සහ රෝහල් තුල වැඩ වර්ජන සිදු කරමින් ජනතාව මරණ මංචකයට යවනා රජයේ වෛද්‍යය නිලධාරීන්ගේ සංගමය ගැන දැන් ජනතාවට ඇත්තේ මහත් වූ පිළිකුලකි.

මෙලෙස කෑ මොර දෙන රජයේ වෛද්‍යය නිලධාරීන්ගේ සංගමය සයිටම් ප්‍රශ්නය පිළිබද කිසිදු උසාවි නඩුවකට සම්බන්ධ නැත.නමුත් ඊයේ දිනයේදී ශ්ශ්‍රේෂ්ටාධිකරණය විසින් රජයේ වෛද්‍යය නිලධාරීන්ගේ සංගමයට දැනුම් දුන්නේ ඔවුන්ද සයිටම් පිළිබද නඩුවේ වගඋත්තර කරුවන් බවට පත් කිරීමටය.

එය සිදුවුයේ ඊයේ එනම් 2017/07/06 දිනය.නමුත් මෙහි අපුර්වතම සිදුවන්නේ 2017/06/26 දිනය.එනම් සයිටම් පිළිබද කිසිදු නඩුවකට සම්බන්ධ නොවූ රජයේ වෛද්‍යය නිලධාරීන්ගේ සංගමය ගිය මස 26 දින තම සංගමයේ සියලු සාමාජික වෛද්‍යයවරුන්ට කෙටි පණිවුඩයකින් දැනුම් දී තිබුනේ සයිටම් පිළිබද නඩු ගාස්තු සදහා සැම සමාජිකයෙකුන්ම ගිය මස වැටුපෙන් රු 2000ක මුදලක් කපා ගැනීමට කටයුතු කරන බවය.

මෙහිදී අපට පැහැදිලි වන්නේ උසාවි තීන්දු පෙර සිටම දැන ගැනීමේ අමුතුම තාලයේ බලයක් රජයේ වෛද්‍යය නිලධාරීන්ගේ සංගමයට ඇති බවක්ය.මෙහි තවත් රසබර සිදුවීමක් වන්නේ සාමාජිකයන් 18000ක් සිටින රජයේ වෛද්‍යය නිලධාරීන්ගේ සංගමය මෙලෙස එක් සාමාජිකයෙකුගෙන් රුපියල් 2000ක මුදලක් අය කිරීමෙන් පමණක් ගිය මාසයේදී රජයේ වෛද්‍යය නිලධාරීන්ගේ සංගමය රුපියල් තුන්කෝටි හැට ලක්ෂයක් (18000*2000 = 36,000,000) ලබාගෙන ඇත.එම කෙටි පණිවුඩය පහතින්,

මේ තරම් විශාල මුදලක් නඩුවක් සදහා කුමටද?මොවුන් මේ සිදු කරන්නට යන්නේ මහින්දගේ මනදොළ පිනවීම සදහා මහින්දගේම අඩිපාරේ යාමය.එනම් මොවුන් මෙතරම් මුදලක් එකතු කර සිදු කිරීමට යන්නේ විනිසුරුවන් මිලට ගෙන සයිටම් තීන්දුව වෙනස්ම ආකාරයට ලබා ගැනීමය.

මෙවැනි ක්‍රියාවක් සිදු කිරීම රෙදි අදින වෛද්‍යවරුන්ට සුදුසුද?ජනතාව එය ලගදීම තීන්දු කරනු ඇත.