ඉන්දීය මහබැංකු අධිපති රඝුරාම් රාජන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණ කළේ මධ්‍යම රජය සමග සාකච්ඡා කිරීමෙන් පසු ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි.

ඉන්දියාවේ ඇතැම් ප‍්‍රාන්තවල ජනතාව ‘‘ මහබැංකුවේ තරුව ’’ ලෙස ඔහු හදුන්වනු ලැබුවා. රටේ උද්ධමනය පහත හෙළීම සහ රාජ්‍ය බැංකු ණය බරින් නිදහස් කිරීම යන කරුණු හේතුවෙන් රඝුරාම් රාජන් ප‍්‍රසාදයට පත් වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.

කෙසේවෙතත් ණය පොලී අනුපාත පහත හෙළීම ප‍්‍රමාද කිරීම වැනි කරුණු හේතුවෙන් ඔහුට චෝදනා එල්ල වුණා.