මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ නිල කාලය අවසන් වූ පසු ඔහුට සේවා දිගුවක් ලබා නොදී එම තනතුර අමාත්‍ය ජෝන් අමරතුංග මහතගේ බෑණනුවන් වන ආර්ථික විශේෂඥ දිනේෂ් වීරක්කොඩි මහතා වෙත ලබාදීම සුදුසු බවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් කිහිප දෙනෙකු අගමැතිවරයාට යෝජනා කර ඇතැයි වාර්තාවේ.

අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ නිල කාලය දීර්ග කිරීමට එරෙහිව ආණ්ඩුවේ ම පිරිසක් ප්‍රසිද්ධියේ ම කටයුතු කරද්දී, මහේන්ද්‍රන් මහතාවම පත්කරන ලෙස ජනාධිපතිවරයාට බලපෑම් කිරීම යහපාලන ආණ්ඩුවේ සෞඛ්‍යට හිතකර නොවන බව ඔවුන් අගමැතිවරයාට පැහැදිලි කර තිබේ.

එහෙත් මහ බැංකු අධිපති ලෙස අර්ජුන් මහේන්ද්‍රන් මහතා තවදුරටත් තබා ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කර ඇති අගමැතිවරයා, අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහි චෝදනා මුළුමනින්ම අසත්‍ය බවත්, එය අධිකරණය විසින් ද පිළිගෙන ඇති බවත් පෙන්වාදී තිබේ.

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා එලවීමේ සටන තමාට එරෙහි දේශපාලන ව්‍යාපෘතියක් බව පෙන්වා දී ඇති අගමැතිවරයා, එම කුමන්ත්‍රණය මෙහෙයවන්නේ එජාපයෙන් නෙරපා හරිනු ලැබූ කිහිප දෙනෙකු විසින් බව අවධාරණය කර තිබේ.

ඒ අනුව, මහා බැංකු අධිපති ධුරයේ වෙනසක් සිදු නොවනු ඇති බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පෙරේදා (14) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා දැනුම්දී සිටි නමුත්, කැබිනට් තීන්දු දැනුම්දීම සඳහා ඊයේ (15) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ, මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ නිල කාලය දීර්ග කිරීමට තමා තරයේ විරුද්ධ බවයි.

 

LEAVE A REPLY