සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන එක්දින තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලසිත් මාලිංග සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

වෛරස් උණ රෝගයක් වැළඳීම හේතුවෙන් මාලිංග මීළඟ තරගය සඳහා ක්‍රීඩා නොකරන බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාව සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන එක්දින ජාත්‍යන්තර තරඟය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත් වෙයි.

පළමු එක්දින තරඟයෙන්  කඩුලු 06ක ජයක් ලබාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණි.