තමා එක්සත් ජාතික පාක්ෂිකයෙක් බවට හංවඩු ගැසුනේ “හතරදෙනාම සූරයෝ” චිත්‍රපටියේ රඟන කාලයේදී නීල් රූපසිංහ මහතාගේ උදව්වට ගාමිණී ෆොන්සේකා සමඟ නීල්ගේ වේදිකාවට ගොඩවීම නිසා යැයි නිළි රැජින ලෙස විරුදාවලිය ළත් හිටපු මන්ත්‍රීනී මාලිනී ෆොන්සේකා පවසන්නීය.

සති අන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඇය කියා සිටින්නේ තමා කුඩා අවධියේදී සිය නිවසේ තිබුණේ බණ්ඩාරනායක මහතාගේ චින්තනය බවයි.

සිය පියා කැපුවත් නිල් බවත්, පවසන මාලිනී ලොකු අයියා කැපුවත් රතු බවද කියා සිටී.