කොට්ටාව දුම්රියපළ අසලදි දුම්රියකට පැන සිය දිවි නසා ගත්තේ යැයි සැළකු 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවගෙ මරණය ඝාතනයක් බව ඔහුගෙ පියා පවසනවා.

ව්‍යාපාරිකයෙකු වන ඇයගෙ පියා මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේ මෙය කිසිවෙකු හෝ සිතාමතා සිදුකල අපරාධයක් බවත්, සිය දියණිය සිහිසුන් කර රේල් පීළි මත තබා මේ ඝාතනය සිදු කර ඇතැයි තමන් සැක කරන බවත් ය.

මියගිය තරුණියගේ උරහිස් මත ඇයගේ පාසල් බෑගය සහ සාක්කුවෙ ජංගම දුරකථනය තිබීමත් සැක සහිත බවත්, ඇය කිසිදිනෙක ජංගම දුරකථනය සිය බෑගයෙ මිස සාක්කුවෙ දමා නොගන්නා බවත් ඔහු ප්‍රකාශ කර සිටියා. වැසි දිනයක් වු එදින මියගිය තරුණියගේ පාවහන් මත මඩ තැවරී නොතිමෙන් කිසිවෙකු හො විසින් ඇය ඔසවා ගෙන පැමින තිබෙන බව තහවුරු වන බවද ඔහු මාධ්‍යයට පැවසූවා.

මියගිය සිසුවිය කොළඹ ප්‍රධාන බාලීකා පාසලක උසස් පෙළ හදාරමින් සිටි අතර ඇය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන්ද “ඒ” සමාර්ථ නවයක් ලබා ගත් දීප්තීමත් ශිෂ්‍යාවක්ද