නාමල් රාජපක්ෂ හිරේ යෑමෙන් හිත් වේදනාවට පත් රාජපක්ෂ සමාගම ඊට පලිය වත්මන් ජනාධිපතිගේ පුත්‍රයා දහම් සිරිසේනගෙන් ගැනීමට කුමන්ත්‍රණය කර ඇතැයි අප මිට සති දෙකකට පෙර අප වෙබ් අඩවිය මගින් හෙලිකලේය (ජනපති පුත්‍රයාට එරෙහිව මඩ ගැසීම – කොන්ත්‍රාත්තුව විමල්ට)

ඒ අනුව සති දෙකකට පෙර පිටකෝට්ටේ නිවසකදී විමල් වීරවංශ මහතා හා ඔහුට  ඉතාම හිතවත් තවත් පිරිසක් සමග මේ ගැන සාකච්ඡා කර ඇත රාජපක්ෂවරු, දහම් සිරිසේනට එරෙහිව මඩ ගැසීමට කොන්ත්‍රාත්තුව  ඔවුනට එහිදී බාරදීමට තීන්දු කර තිබේ.

දහම් සිරිසේන බිස්නස් ඩීල් දැමීමක් ගැන කීවාට එවැන්නකට කිසිදු සාක්කියක් නැති බැවින් දහම් තරුණයෙක් නිසා ගෑණු හුට පටයක් පටලවා මඩක් ගැසීමට අවසානයේ තීරණය කර තිබේ.

නමුත් එයද අසාර්ථක වූ බැවින් ඔහුන්ගේ උපාය වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පුත් දහම් සිරිසේන පොළොන්නරුවේ වැවක් අසලදී බී.එම්.ඩබ්ලිව්.(BMW) මෝටර් රථයකින් වැඩ දමන හැටි ලෙස සටහන් කළ වීඩියෝවක් විමල් වීරවංශ මහතාගේ ෆේස් බුක් පිටුවක් මඟින් වීඩියෝවක් ප්‍රචාරය කිරීමයි.

අප මේ පිළිබඳව සොයා බලන ලද අතර එහිදී විමල් වීරවංශ මහතාගේ කල්ලිය විසින් සාසන ලද මෙම මඩ වීඩියෝවට අදාළ උත්පාදක (ඔරිජිනල්) වීඩියෝව සොයාගැනීමට හැකියාව ලැබිණ. මෙලෙස මෝටර් රථ සංදර්ශනයේ යෙදෙන්නේ මාතලේ මධුෂ්ක දිසානායක නැමැති තරුණයෙකු වන අතර ඔහු සහ ඔහුගේ මිතුරන් ලෙස මෝටර් රථ සංදර්ශනය සිදුකොට ඇත්තේ දඹුල්ල කණ්ඩලම වැව් ප්‍රදේශය ආශ්‍රිතවය.

මාතලේ මධුෂ්ක දිසානායක නැමැති තරුණයාගේ ෆේස්බුක් පිටුවේ ඔහු මේ සම්බන්දව මෙවන් අදහසක් ප්‍රකාශ කල ඇත

mata

වීරවංශ මහතාගේ සහචරයින් විසින් සකසන ලද මඩ වීඩියෝව

මෙහි ඔරිජිනල් වීඩියෝව මාතලේ තරුණයාගේ ෆේස්බුක් පිටුවේ