නැවත ජනාධිපතිවරනයකට තරග නොකරන බවට වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියා ඇතත් මීලග ජනාධිපතිවරණයට ශ‍්‍රීලනිප අපේක්‍ෂකයා ලෙස ඔහු ඉදිරිපත් විය යුතු බව ශ‍්‍රීලනිප බහුතරයක මතය බව ඇමති මහින්ද සමරසිංහ මහතා සදහන් කරයි.
ජනාධිපතිවරකට නැවත තමන් තරග නොකරන බවට ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයට පෙර කියා සිටියත් එය ඔහුගේ පුද්ගලික මතය බවද පක්‍ෂයේ මතය හමුවේ ඔහු මෙතෙක් අදහසක් පල කර නැති බවද ශ‍්‍රීලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු සදහන් කලේය.