ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහනයක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා ලබන 7 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පසුගිය (20) වන දින අත්අඩංගුවට ගත් සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරයේ තබන ලදී.

අනතුරුව අද(04) දින ඒ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 7 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.

මොහොමඩ් මුසම්මිල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වශයෙන් කටයුතු කළ කාලයේදී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාදුන් වාහනය 2010  වසරේදී ඔහු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමෙන් පසුව යළි භාරදී නොමැති බව පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම ඔහු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙන් නිල වාහනයක් සඳහා රුපියල් ලක්ෂ 62කට අධික මුදලක් ලබා ගෙන එය සිය බිරිදගේ බැංකු ගිණුම්වල තැන්පත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.