එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණේ තවත් ප්‍රබල සාමජිකයෙක් වන
ලංකා කම්කරු සමිති මධ්‍ය මණ්ඩලයේ ප්‍රධාන ලේකම් සෝමවිර චන්ද්‍රසිරි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බව ප්‍රකාශ කළේය.

ඉකුත් දිනක මහජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ශ්‍රියානි විජේවික්‍රම මහත්මියද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වුණා.

මේ අනුව දිනෙන් දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශක්තිමත් කරමින් ඉදිරි පලාත් පාලන මැතිවරනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහනය ස්ථීරසාර වන බවට තවුරු වෙමින් පවතිනවා.

මේ අතර පියසේන ගමගේ මහතා ගාල්ල දිස්‌ත්‍රික්‌ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කථානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ඉකුත් සතියේය.

ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමේ චෝදනාව මත මන්ත්‍රී ධුරය අහිමි වූ ගීතා කුමාරසිංහ මහත්මියගේ පුරප්පාඩුව පිරවීම සඳහා පියසේන ගමගේ මහතාට එම මන්ත්‍රී ධුරය හිමි විය.

එලෙස පාර්ලිමේන්තු මන්ත්රිධුරය හිමිවූ පියසේන ගමගේ මහතාට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසඅද පත් කර තිබේ.

ඒ මහතා අද (28) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.