දේශගුණික විපර්යාස සහ වෙළඳාම සම්බන්ධයෙන් අමෙරිකාව සමඟ පවතින පරතරය පියවා ගැනීමට G-20 සමුලුවේ අවධානය යොමුව  තිබෙනවා.

ජර්මනියේ හැන්බර්ග් නුවර පැවැත්වෙන සමුලුවේ අවසන් දිනය අදයි.

සමුලු ප්‍රධානි ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් පවසන්නේ සාකච්ඡාව මේ වනවිට දුෂ්කර මට්ටමට පැමිණ ඇති බවයි.

සමුලුවේ අවසන් ප්‍රකාශයේ වාක්‍ය ඛණ්ඩය පිළිබඳ සම්මුතියකට එළඹීම සඳහා ඊයේ රාත්‍රිය පුරා සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

රටවල් 19ක් නියෝජනය කරන G-20 සමුලුවට යුරෝපා සංගමයේ  සංවර්ධන ඒකකය ද ඇතුලත්.

මේ අතර සමුලුව පැවැත්වෙන හැම්බර්ග් නගරයේ තවදුරටත් විරෝධතා පැවැත්වෙනවා.

විරෝධතාවේ නියැලෙන බොහෝ පිරිසක් මෙන්ම පොලිස් නිලධාරීන් 200 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

මේ අතර විරෝධතා හේතුවෙන් අමෙරිකානු ජනාධිපති බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් නවාතැනේ සිර වී සිටි පුවතක් වාර්තා වනවා.
විදෙස්  මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඒ හේතුවෙන් G-20 සමුලුවට සහභාගිවන බිරින්දෑවරුන් හැම්බර්ග් වරාය අවට කළ චාරිකාව සඳහා  ඇයට එක්වීමට අවසථාව හිමි නොවූ බවයි.