ඉතා තීරාණාත්මක ජනාධිපතිවරනයකින් පසු එය ජයග්‍රහණය් කල පොදු අපේක්ෂකයා ජනපතිවරණය අවසන් වූ වහාම සියලු පක්ෂ එකමුතුව ජාතික ආණ්ඩුවක් සැදීම සඳහා සියලු පක්ෂ වලට කළ ආරාධනය පසුගිය සමයේ පාලනය කළ දූෂිත යැයි චෝදනා එල්ල වූ ඇතැමුන් කර ඇරියේය.

එය මග හැර, රටේ ඇති ප්‍රධාන ගැටළුවලට පිළියම් සොයනවා වෙනුවට, තමන්ගේ බලය තහවුරු කර ගැනීම වස්, බහුතර ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ ජනාධිපති කෙනෙකු, බලය තිබූ කාලයේදී පවා ජනතාවට කිසිඳු වැඩ කටයුත්තක් නොකළ,කිසිඳු ජනපදනමක් නැති කුඩා කල්ලි හා කණ්ඩායම්වල උසුගැන්වීම මත ජනතාවට බලෙන් ආරූඪ කරමින්, නැවත නැවතත් ශ්‍රී ලාංකීය දේශපාලනය අර්බුදකාරී තත්වයකට ඇද දැමීම තුළ නැවත නැවතත් අපගේ ශ්‍රේෂ්ඨ ශ්‍රීලාංකීය ජාතිය දිනෙන් දින ආපස්සට ගමන් කරන බවක් දක්නට ඇත.

ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ ඊළඟ රික්තකය පිරවීම පිණිස මෛත්‍රී ජනාධිපති විසින් නිමල් සිරිපාල මහතාට විපක්ෂ නායක ධුරය ලබාදී මීළඟ අග්‍රාමාත්‍ය ධූරයට ඔහුව හුරුකරවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සහ කළත් ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ ඇල්මැරුණු ස්වභාවය නිසා ජනාධිපතිවරණ පරාජයත් සමග ඉස්මතු වූ ශ්‍රිලනිප දෙවැනි පෙළ නායකත්වය යළි යටපත් විය. සතුටෙන් පිනා ගිය විමල් වීරවංශ, ගම්මන්පිල වැනි කිසිඳු ජනපදනමක් නොමැති අය එය ඇදගෙන ගොස් ඔවුන් සිදුකළ වැරදි ආරක්ෂා කිරීම්ට සමත්කම් දක්වන්නාවූ මහින්ද රාජපක්ෂ වැනි පරාජිත නායකයෙකුගේ ඇඟේ එල්ලුවේ එබැවිනි.

ලෝකයේ ඉහළ දියුණුවක් ලැබූ සියලූ රටවල් එම සංවර්ධනය උදා කරගෙන තිබෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකට එක්වී ආණ්ඩු කිරීම තුළින් බව ලෝක දේශලාපන අධ්‍යනය කිරීමේදී පෙනී යන පොදු කරුනකි. බලයට කුලල් කා ගන්නා දේශපාලන සංස්කෘතිය අවසන් කර රට ගොඩනැගීමට සියලූ දේශපාලනඥයින් සහ දේශපාලන පක්ෂ එක්වීම යුගයේ අවශ්‍යතාවයක් වන්නේ එම සංස්කෘතිය තුළ වසර 60කට වඩා වැඩි කාලයක් එහි ආනිසංස අප විඳ ඇති බැවිනි.

දූෂිත පාලනයක් පරාජය කර පිරිසිදු ආණ්ඩුවක් බිහි කිරීමට මේ රටේ ජනතාව සහාය වන බවට තිබූ විශ්වාසය තුළ පසුගිය රජයෙන් ඉවත්වී නොබියව ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ පොදු අපේක්ෂක වත්මන් මෛත්‍රී ජනාධිපතිවරයා රටට අවශ්‍ය නව සමාජයීය, ආර්ථික මෙන්ම දේශපාලන පරිවර්තනය ලබාදීම වෙනුවෙන් නොවිඳිනා බැණුම් අසමින් සුවිශාල පරිවර්තනීය වෙනසක් සිදු කරමින් එකම ශ්‍රීලාංකීය ජාතියක් ලෙස නැගී සිටීමට උතුරේත්, දකුණේත් ජනතාවගේ ප්‍රශ්න වලට සමුතිවාදී ආණ්ඩුවක් තුළින් ස්තීරසාර විසඳුම් ලබා දීමට උත්සහ ගනිද්දී එය වැලක්වීමට උත්ස ගන්නා සුලුතර කොටස රටට ද්‍රොහීවීම විනා වෙනයම් වූ කාරණයක් ඉටු කරන්නේද යන්න සිතා ගත නොහැකිය.

අපි යූඇන්පි, අපි ශ්‍රිලංකා ඔය මොකවත් නෙමේ අපි ජේවීපී යනුවෙන් විවිධ දේශපාලන පක්ෂවලට බෙදී වෙන්වී කටයුතු කිරීම සුදුසුදැයි විචාරාමත්ක ලෙස සමාජ කතිකාවතක් ගොඩනැංවීම මේ මොහොතේ කලයුතු කාලීන අවශ්‍යතාවයකි.

  • මිහිඳු ෆොන්සේකා