මොරගහකන්දේ සැඟවුණු පැත්ත.. ගොවි පවුල් අනාතයි ද?
මහවැලි මහා සංවර්ධන සැලැස්මේ අවසාන ජලාශය ලෙස නම් කර තිබුනේ මොරගහකන්ද ජලාශයයි. නමුත් එදා මෙදා තුර මෙය සැලසුම් වලට පමණක් සීමා විය. වත්මන් ජනපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු මහවැලි අමාත්‍ය ලෙසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම වස් 2007 ජනවාරි 25 වන දා ප්‍රථම වතාවට මෙයට මුල් ගල් තබන ලදී. නමුත් කිනම් හේතු මත නිසා හෝ ව්‍යාපෘතියේ ඉදිකිරීම් අති මන්දගාමී ස්වරූපයක් ගන්නා ලදී. මහවැලි අමාත්‍ය ධූරයේ රැදෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ව්‍යාපෘතියට පණ දීමට නොකළ දෙයක් නැත. නමුත් එයට රජයක් ලෙස හෝ දේශප්‍රේමී නායකයෙකු ලෙස කිසිදු ආකාරයේ උනන්දුවක් දැරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා තරම් කෙනෙකු නොවීය.
නමුත් 2015 ජනාවාරි 08 න් පසු එය මල්පල දරන්නේ තිබූ සියළු භාදක, කම්කටොළු, පුද්ගලික දේශපාලන පටු අරමුණු වලින් බැට කෑ මොරගහකන්ද ව්‍යාපෘතියටත්, එයින් අනාගතයේ මල්පල නෙලන අපේම ගොවිමිනිසුන්ගේ සංවර්ධනයටත් නව අරුණලු එක කරමිනි. එය එසේ වන්නේ මෙම ව්‍යාපෘතියට නව ජීවයක් දෙමින් යළි එය කාර්යක්ෂම කරවා 2016 ජුලි මස 25 වන හෙට දින සුභ මොහොතින් වත්මන් ජනපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ සුරතින් නිධන් වස්තු තැම්පත් කොට ව්‍යාපෘතිය නැවත පනගැන්වීමත් සමඟයි.
මොරගහකන්ද ව්‍යාපෘතිය පිලිබඳ දේශපාලන වේදිකාවල විවිධ කාඩ්බෝඩ් වීරයන්ගේ විවධ විවේචන එල්ල වුවත් යතාර්ථය මෙසේය.
මොකද්ද මේ මොරගහකන්ද?
2018 මැද භාගයේදී අවසන් වීමට සැලසුම් කර ඇති මොරගහකන්ද ජලාශය නිර්මාණය වනුයේ කළුගඟ හා අබන්ගඟ මොරගහකන්දේ දී එක් කරමිනි. ඒ රුපියල් මිලියන හයදහස් අනුඅටක් වැයකර ඉදිකෙරෙන දිගින් කිලෝමීටර් 09ක් වූ උමං මාර්ගයේ ආධාරයෙනි. මෙම යෝජිත ජලාශයේ ධාරිතාව අක්කර අඩි හයලක්ෂ හැට දහසක් වේ. එනම් පොළොන්නරුවේ පිහිටි පරාක්‍රම සමුද්‍රයේ ධාරිතාව මෙන් හය ගුණයකි.
මොනවාද ප්‍රතිලාභ?
ප්‍රතිලාභ වශයෙන් මෙයින් අනුරාධපුර, පොලොන්නරුව සේම ත්‍රිකුණාමලය පදිංචි ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ පානීය අවශ්‍යතා හා එදිනෙදා කටයුතු සඳහා ජලය මැනවින් කළමනාකරණය වේ. මෙතෙක් ප්‍රමාණවත් ජලය නොලැබීමෙන් දුක්විඳි ජනයාට ස්ථීර විසඳුමක් ලැබේ.
මෙමඟින් කන්න දෙකේම වගාකල හැකි ප්‍රමාණය හෙක්ටයාර් අසූ දෙදහසකි.
මේ හා සම්බන්ධව ඉදිවන විදුලි බලාගාර හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට එකතුවන විදුලි ධාරිතාව මෙගාවොට් 25 කි.
නිතර ගංවතුරට අසුවන මනම්පිටිය හා සෝමාවතිය මෙම වාරිමාර්ග පද්ධතිය නිසා ගංවතුරට හසු නොවේ.
මෙම මූලික කරුණු හැරුණු කොට අපේම දුක් විඳි ජනයා සඳහා ලැබෙන අතුරු ප්‍රතිලාභ බොහෝය.
ව්‍යාපෘතියට යටවන බිම් වල පවුල් අනාතයිද?
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය දැනටමත් ඒ සඳහා සැලසුම් සකසා, අංශ කිහිපයක් සඳහා පිළියම් යොදාත් අවසන්ය.
ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිම ව්‍යාපෘතියකින් නොදුන් තරම් අලාභානි සඳහා වන්දි ගෙවීම් මෙන්ම සහන සලසන එකම ව්‍යාපෘතියද මෙයයි.
වන්දි සඳහා තක්සේරු කිරීම් තක්සේරු දෙපාර්තමේන්තුව මඟින්ද, ඉඩම් මැනීම් මිනින්දෝරු දෙපාර්තමේන්තුව මඟින්ද, ඉඩම් පවරාගැනීම් ප්‍රාදේශීය ලේකම් ප්‍රධාන ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින්ද ක්‍රමවත්ව වේ. පරණ නිවාස සඳහා හානිපූර්ණ මෙන්ම අලුත් නිවාස සඳහා දීමනා සහ මහවැලි අධිකාරිය මැදිහත්ව නොමිලේ ප්‍රවාහන පහසුකම්ද මේ වන විටත් සපයමින් පවතී.
මෙම ව්‍යාපෘතියට මෙන්ම එහි අතුරු ව්‍යාපෘතිවලට යටත්ව පවුල් 2590ක් පමණ නැවත පදිංචි කිරීමට අවශ්‍යව ඇත. මේ සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මඟින් කළුගඟ වම් ඉවුරේ ගම්මානද, මැදිරිගිරිය කවුඩුල්ල ජලාශයේ වම් ඉවුරේ ගම්මානද, බිසෝපුර නමින් නාගරික ප්‍රදේශයක් බිහිකිරීමටද කටයුතු යොදා ඇත. ඒ අනූව බිසෝපුර සංවර්ධන කටයුතු මේ වන විටත් සාර්ථකව අවසන් වෙමින් පවතී.
දැනටමත් බිසෝපුර ගොඩනඟා ඇති ආදර්ශ ගොවිපල ආගන්තුක ගොවි මහතුන්ට මෙන්ම ප්‍රදේශයේ ගොවි මහතුන්ටද විවෘතව ඇත්තේ නව කෘෂිකාර්මික දැනුම හා අවබෝධයද ලබා දෙමිනි. කාබනික පොහොර ආශ්‍රිත කෘෂිකර්මාන්තය සඳහා එය නව පණක් ලබා දෙයි.
මෙම අලුතෙන් ඉදි කරන සෑම ගම්මානයක් සඳහාම කුඩා හා මධ්‍ය පරිමාණයේ ජලාශ ඉදිකිරීමටද සැලසුම් යොදා තිබේ. එමඟින් අහසෙන් වැටෙන එක දිය බිඳක් හෝ මේ ගම දනව් හරහා නිකරුනේ මුහුදට ගලා යාම වැළකෙන්නේ ය.
දිළිඳු පාසල් වල අකුරු කරන්නට ගිය දුවා දරුවන්ට රිසිසේ අකුරු කරන්නට අලුත් පාසල් ඉදිවෙයි. මේ වනවිටත් කටු මැටි ගෙවල් වල පොල්තෙල් පහනේ ආලෝකයෙන් රැය පහන්කළ අපේම මිනිසුන් ගඩොලින් නිමවූ අලුත් නිවෙස් වල විදුලි ආලෝකයේ දිවිගෙවයි. අන්සතු ඉඩම්වල දහදිය හෙළු ඔවුන් තමන්ගේ ඉඩම් වල අද පල නෙළයි. තව පවුල් බොහෝ ගණනක් මේ වෙනුවෙන් මඟ බලා සිටියි.
මොරගහකන්ද සමඟ දුප්පත් කමට තිත තබා සංවර්ධනයේ පහස ලබන අපේම මිනිසුන්ගේ සුගතියේ අරුණලු මේ වනවිටත් වැටී අවසන්ය.

14

image description
image description
image description
image description

06 (2)

image description
image description

18 (1)

LEAVE A REPLY