මුදල් විශුද්ධිකරණ පනත යටතේ අධිකරණයෙන් ඇප නියමවී සිටින හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂට විදේශගතවීම සඳහා අවසර ලබාදෙන්නේද නැද්ද යන ලබන 22 වැනිදා තීන්දු කරන බව කොළඹ මහාධිකරණය අද ප්‍රකාශ කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර් හෙයියන්තුඩුව මහතා විසින් මෙම නියෝගය දුන් බව අප වාර්තාකරු පැවසීය.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගතවීමට අවශ්‍ය බව පෙත්සමක් ඉදිරිපත් කරමින් යෝෂිතගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබිණ.

මේ අතර රජයට රුපියල් මිලියන 833ක පාඩුවක් කළැයි චෝදනා කරමින් හිටපු පා.ම සජින්ද වාස් ගුණවර්ධනට එ‍රෙහිව ඉදිරිපත් කර ඇති නඩුවකට අදාළව ඔහුට රුපියල් ලක්ෂ දෙකහමාරක මුදල් ඇපයක් හා රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප 4ක් නියම කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද මෙම නියෝගය දී ඇත.

මිහින්ලංකා හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ සමයේ භාණ්ඩ මිලදී ගැනීමකදී රුපියල් මිලියන 833ක පාඩුවක් රජයට සිදුකර ඇතැයි අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබේ.

 

LEAVE A REPLY