මේ වන විට රංගිරි දඹුලු රජ මහා විහාරයේ විහාරාධිපති ලෙස කටයුතු කරන්නේ අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා යැයි එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගොඩගම මංගල හිමියෝ පවසයි.

දඹුලු විහාරස්ථානයට එරෙහිව අධ්‍යාපන ඇමතිවරයා සහ පුරාවිද්‍යා කොමසාරිස්වරයා නගන චෝදනා පිළිගත නොහැකි බවද එහිමියෝ මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේය.

ඔවුන් විසින් මෙසේ අපහාස කරමින් සිටින්නේ අස්ගිරි මහා විහාරයට බවද උන් වහන්සේ එහිදී සදහන් කලහ. රංගිරි දඹුලු විහාරයට එරෙහිව රජයේ ඇමතිවරුන් මෙසේ අසත්‍ය චෝදනා එල්ල කරන්නේ අස්ගිරි මහ නාහිමි ඇතුළු කාරක සංඝ සභාව විසින් රජය වෙත නිකුත් කල නිවේදනයට උරණ වී බවද උන් වහන්සේ වැඩි දුරටත් කියා සිටිති.