වත්මන් ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීම තුළින්  රටේ ඒකීයභාවය විනාශ කිරීමට උත්සහ දරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රටේ ඒකීභාවයට හානි සිදුවන ආකාරයේ යෝජනා ඉදිරිපත්වීම ද බරපතළ තත්ත්වයක් බවයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් බණ්ඩාරවෙල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන හමුවකට එක්වෙමින් විමල් වීරවංශ මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළේය.