රට බෙදීමට කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු සිටින බව දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පවසයි.

ජාත්‍යන්තර සංවිධාන සමග එක්ව ඔවුන් එසේ කටයුතු කරන බව ඒ මහතා කියයි.

ඉදිරියේදී නම් ගම් සහිතව ඔවුන් ගැන තොරතුරු හෙළි කිරීමට සුදානම් බවද මව්බිම ජනතා පක්ෂයේ නායක හේමකුමාර නානායක්කාර මහතා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී අද පැවැති එම පක්ෂයේ සමුළුව අමතමින් කියා සිටියේය.

කිසිදා එක්නොවන පක්ෂ දෙකක් එක්ව මේවන විට රට ගොඩනඟමින් සිටින බවත්, එසේ වුවද ඇතැමුන් මෙම රජය කැඩීමට උත්සාහ කරන බවත්, ඒ මහතා එහිදී පෙන්වාදුන්නේය.

රණවිරුවන් ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් රට රැක ගත යුතු බවත්, උතුරේ කඳවුරු ඉවත් කිරීමේදී ඒ ගැන වඩාත් අවධානය යොමුකළ යුතු බවත්, තමන් පෙඩරල් ක්‍රමයකට සහය නොදෙන බවත්, හෙතෙම පැවසීය.

LEAVE A REPLY