ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන රත් හඳුන් දැව තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කල්පිටිය නාවික හමුදා කඳවුරේ නිළධාරින් ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී රත් හඳුන් දැව 179ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී රත් හඳුන් ප්‍රවාහනය කළ ලොරි රථයද නාවික හමුදාව භාරයට ගෙන ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ ලොරි රථයේ සිටි තවත් පුද්ගලයින් සිව් දෙනෙකු පළාගොස් ඇත.

සැකකරු කල්පිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර රත් හඳුන් දැව තොගයේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති බව පොලිසිය පැවසුවේය.