ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා හමුවීමට නියමිතව තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු එරට රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සමග රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

නවසීලන්තයේ  තෙදින නිල සංචාරය නිම කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දහවල් ඉන්දිරාගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළන් නවදිල්ලියට ළඟා විය.

අද පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය ජනාධිපති ප්‍රනාම් පුඛර්ජි මහතා හමුවීමටද නියමිතය.

ලෝක ආර්ථික සමුළුවේ මෙහෙයවීමෙන් හෙට දිනයේ නවදිල්ලි නුවරදී ආරම්භ වන ඉන්දීය ආර්ථික සමුළුවටද රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස සහභාගී වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.