හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සමීප ගෝලයකු වන ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලිල මුණසිංහ මහතා පසුගියදා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කල අතර අද දින නැවත ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝම්බර් මස 25 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.

තායිවාන් ඊස්ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී එහි රහස්‍ය දත්ත වෙනස් කර රුපියල් තිස්පන් කෝටියකට අධික මුදලක් ලබා ගැනීමේ සිද්ධියට සම්බන්ධ එක් පුද්ගලයෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුගේ පුත්‍රයෙකු වන එම්.සී නම්මුනි නැමැත්තාය.

ඔහු මේ වනවිට ලබන 11වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

නම්මුනි නමැත්ත කරන ලද හෙලිදරවුවකට අනුව ඔහු හට ඇමරිකාවේ කොටස් වෙළද පොළෙන් ඩොලර් බිලියන ගානක් වංචාකර රාජ් රාජරත්නම් මහතාගේ පරිගණක විශාරදයන් රවී කරුණනායක මහතාගේ මාර්ගයෙන් ශලීත මුණසිංහ මහතා අදුනා දුන් බවත් රාජ් රාජරත්නම් සමග මුල්‍ය වංචාවක් සිදුකර බවට රවී කරුණනායක මහතාට මිට පෙර අධිකරණයේ නඩුවකද පැවරී තිබුනා ආණ්ඩුව මාරුවී මස 6ක් යන්නට මත්තෙන් විභහග වෙමින් තිබු එම නඩුව ඉවත් කගනිමට රවී කරුණානායක මහතාට හැකිවිය.

ඇමරිකානු පරිගණක හැකර් දෙමල තරුණයන් රවිකරුණානායක මහතා සමග ඍජු සබද කමක් ඇති බවත්ය තොරතුරු වලින් හෙළිවී තිබෙනවා.

මොහු එංගලන්තයේ අධ්‍යාපනය ලැබූවෙකු බවත් මීට වසර කිහිපයකට පෙර ලංකාවට පැමිණ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවත් විමර්ශනවලදී හෙළි වි තිබේ.

එමෙන් ඔහුට අයත් බව පැවසේන රොස්මිඩ් පෙදෙසේ පිහිටි කාර්යාලයක් වැටලූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි තිබී රහසිගත ලිපි ලේඛන තොගයක් සමග මෙම වංචාවෙන් උපයාගත් බවට සැකකරන රුපියල් ලක්ෂ 40ක මුදලක්ද සොයාගෙන ඇත.

ලිපිගොනු අතර LTTE හිතවාදී රාජ් රාජරත්නම්ගේ සමාගම් වල ගිණුම තොරතුරු සහ දුරකථන අංකද ලිපිගොනු අතර තිබු තවත් ශාක්ෂි ලෙස රහස් පොලිසිය වාර්තාකරයි.

තායිවානයෙන් විශේෂ කණ්ඩායමක් 10 දින පැමිණී බවටද වාර්තා වේ.

මේ කරුණු කාරනා අනුව අපට පෙනී යන්නේ රවී කරුණානායක මහතා සමඟ ඔහුගේ සගයන් පිරිස කරනා මේ හොරකම් නිසා අපේ රට ජාත්‍යන්තරය තුලද අපහාසයට ලක්වන බවකි. රවී කරුණානායක මහතා ශ්‍රී ලංකා මහබැංකු බැඳුම්කර වන්චාවටද චෝදනා ලබා සිටින පසුබිමක මෙසේ තව තවත් වංචා දුෂණ වලට තම නම ගෑවීම පිළිබඳව ඔහුට චන්දය ලබාදුන් චන්ද දායකයන්ද සැලකිලිමත් විය යුතු අතර වත්මන් රජයේ යහපාලනය ආරක්ෂා කරගැනීමට නම් මෙවන් හොරුන්ට තරාතිරම නොබලා දඩුවම් ලබා දිය යුතුය.

තායිවානයේ මුදල් වංචාවට සම්බන්ධ සැකකරුවන් ඇල්ලීම ගැන ශ්‍රී ලංකා රජයට පැසසුම්

තායිවානයේ පෞද්ගලික බැංකුවක ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී සිදුකළ මුදල් වංචාව පිළිබඳව අවශ්‍ය සැකකරුවන් අල්ලාගැනීමට ක්‍රියා කළ ශ්‍රී ලංකා පොලිසියට තායිවාන් පොලිසිය පැසසුම් කළ බව පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා මාධ්‍ය වෙත පැවැසීය.

මෙම වංචාව පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය තවත් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බවට විශ්වාස කළ හැකි යෑයි තායිවාන් පොලිසිය දැනුම් දීමක්‌ කළ බවද පොලිස්‌පතිවරයා සඳහන් කළේය.

මෙම මුදල් වංචාව ඩොලර් මිලියන 60 ක්‌ බවට විශ්වාස කළ නමුත් ඇතැම්විට මුදල් ප්‍රමාණය ඊටත් වඩා වැඩිවිය හැකි බව පොලිස්‌පතිවරයා පැවැසීය.

මෙම මුදල් වංචාවට තවත් සැකකරුවන් සිටිය හැකි නිසා ඒ පිළිබඳව පුළුල් පරීක්‌ෂණයක්‌ සිදුකරන බව පොලිස්‌පතිවරයා පැවැසීය.

මෙම වංචනිකයන් සමාජයේ මහා ධනවතුන් මෙන්ම සමාජ සේවකයන් ලෙස ජීවත් වී ඇති බව රහස්‌ පොලිසිය කියයි.

වාචා හා දුෂණ මගින් අයතා ලෙස මුදල් සොයන පුද්ගලයන් පසුගිය පාලනයෙන් ආරක්ෂා කරමින් ඔවුන්ද දේශපාලනයට කැඳවාගෙන ආ යුගය අවසන්ව යන බැවින් තරා තිරම නොබලා හොරුන්ට දඬුවම් ලැබෙන යුගය පැමිණ ඇත. සුදු ඇඳගෙන වැඳගෙන ජනතාව රවටමින් කුමක් කීවද හොරා හොරාමය… බැසිල් රාජපක්ෂට හොරා කියන ජනතාව රවී කරුනානායකටද හොරා කීමට පසුබට වන්නේ නැත. ඒ අහිංසක ජනතාවහේ හඬ අවදි කිරීමට “සයිබර් අවකාශයේ ජනතා හඬ” අපි සැමවිටම සුදානමින්….