පසුගියදා රටේ වැඩි කතා බහක් ඇතිවූ මාතෘකාව වුයේ සරසවි සිසුන් පිරිසක් තම ඉල්ලීම් දිනාගැනීමට සෞක්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළුවී එම ගොඩනැගිලි පරිශ්‍රය ඔවුන්ගේ භාරයට ගැනීමට තැත් කිරීම හා එහි වූ රාජ්‍ය දේපල ත්‍රස්තවාදීන් විලස විනාශ කිරීමත් ඔවුන් පලවා හැරීමට ආරක්ෂක අංශ පියවර ගනිද්දී ඇතිවූ ගැටුමත් සම්බන්ධ සිදු වීම් පිළිබඳවයි.

මෙම සිදුවීම මුල් කරගෙන වෛද්‍ය නිලධාරින්ද වර්ජනයක නිරත වූ අතර ඔවුන් ගැටුමේදී තුවාල ලැබූ STF සෙබළුන්ට ප්‍රතිකාරද නොකළ බවට ප්‍රවෘත්තිද පල වුනා.

කෙසේ වෙතත් මෙම සිදුවීම තවමත් සමාජ ජාල තුල හා සමාජය තුල කතාබහට ලක්ව තිබෙනවා. සමාජජාලතුල ප්‍රචාරයවන පහත වීඩියෝව නරඹන්න. එහි තිබෙන්නේ උසස් අධ්‍යාපනය ලබන සරසවි සිසුන් රටේ ආරක්ෂක අංශ වලට අභියෝග කරමින් රටේ නිතිය කඩ කරමින් රජයේ දේපොළ විනාශ කරන අයුරුයි.

තම ඉල්ලීම් දිනාගැනීම සාකච්චාමගින් සිදුකල හැකි තත්වයක් තිබියදී මොවුන් මෙසේ හැසිරීම කෙතරම් සාධාරණද ශිෂ්ඨ සමාජයක මෙවන් හැසිරීමක් උගත් සරසවි සිසුන්ගෙන් බල පොරොත්තු විය හැකිද? ආරක්ෂක අංශ කුපිත කිරීමට ඔවුන් දරන උත්සාහය හොඳින් බලා තීරණය කරන්න…