මහවැලි මහා සංවර්ධන සැලැස්මේ අවසාන ජලාශය ලෙස නම් කර තිබු මොරගහකන්ද ජලාශයේ ජලය පිරවීමේ කටයුත්ත අද(11) ජනාධිපති මෛත්‍රීපල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

වත්මන් ජනපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු මහවැලි අමාත්‍ය ලෙසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම වස් 2007 ජනවාරි 25 වන දා ප්‍රථම වතාවට මෙයට මුල් ගල් තබන ලදී. මුල්ගල තැබීමෙන් පසුව 26 වන දින කොළඹ එන මෛත්‍රීපාල සිරිසේන මහතාට 27 වන දින එවක ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් කැඳවීමක් ලැබේ. ඒ අනුව අරලිය ගහ මන්දිරයට යන මෛත්‍රීපාල සිරිසේන මහතාට 28 වන දින මහවැලි අමාත්‍ය ධුරය අහිමි වෙයි. එයයි රාජපක්ෂ පාලනය.

රටේ සංවර්ධන වැඩසටහන් තුළින් ඉදිරියට ගෙනයාමට ඉදිරියට එන ඕනෑම කෙනෙකුට රාජපක්ෂ පාලනය තුළ අත් වූ ඉරණම එයයි. විවිධ විෂයන් යටතේ අමාත්‍යවරු පත් කර සිටියද ඔවුන් සෑම දෙනෙකුම නාම මාත්‍රික විය. ඔවුන් සියළු දෙනා ක්‍රියා කළේ රාජපක්ෂ පාලනයේ රූකඩ ලෙසිනි. කිසිවෙක් රට සංවර්ධනය කෙරෙහි ගෙනයාමට කටයුතු නොකළ අතර තම පෞද්ගලික සංවර්ධනය කෙසේ හෝ ඉටුකර ගත්තේය. එහි විපාක අද රටේ සමස්ථ ජනතාවට අත්විඳීමට සිදුව තිබේ. මහින්ද රාජපක්ෂටද එය එසේමය. ජනාධිපති පුටුවෙන් මන්ත්‍රී පුටුවට වැටී තම පවුල් පාලන කාලයේ සිදු කළ වංචා දූෂණ වලට වන්දි ගෙවීමට අද ඔහුට සිදුව තිබේ. තම පාලන කාලයේ විනාශ කර දැමීමට උත්සහ කළ දේශමාමකයන්, ජාතිමාමකයන් අද බලයට පත්ව සිටීමෙන් තමා ගොඩනගා ගැනීමට බලාපොරොත්තු වූ බල පරාක්‍රමය සිහිනයක්ව තිබේ.

දූෂිත රාජපක්ෂ පාලනයේ රාජපක්ෂ පාලකවරු ඔවුන්ට වඩා කිසිවෙක් ඉදිරියට එනවාට කැමති වූයේ නැත. ඒසේ මතුවන්නේ නම් අංකුර අවස්ථාවේම එය කපා දැමීමට කටයුතු කළේය. රාජපක්ෂවරුන්ට පවතින ජන බලය තවත් කෙනෙකු වටා එකතුවීම වළක්වාලීම වෙනුවෙන් රටේ බොහෝ දෙනෙකුගේ අයිතීන්, වරප්‍රසාද හා විශේෂයෙන්ම රටේ මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට සීමා පැනවීමට කටයුතු කළේය. ජනතාවට අවශ්‍ය සංවර්ධනයක් වෙනුවට අනවශ්‍ය සංවර්ධනයක් සිදු කළේය. රජරට ගොවීන්ට වගා කටයුතු සඳහා ජලය නොමැති වීමෙන් අන්ත අසරණ තත්ත්වයට පත්විය. ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු නොකළ අතර ගොවීන් වහ බී මැරෙන තත්ත්වයට රට පත් කළේය. මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් තම මඩිය වඩා හොඳින් තරකර ගැනීම අපහසු හෙයින් රටට අත්‍යාවශ්‍ය නොවන මහා ව්‍යාපෘති සැළසුම් හදමින් තම පවුල හා ඒ වටා සිටී බත් බැලයන්ගේ මඩි තරකිරීමට කටයුතු කළේය. අදටත් එම බත් බැලයන්ට ඔහුගෙන් තොරව ස්වාධිනව කටයුතු කිරීමට නොහැකි වී තිබේ.

කෙසේ හෝ මෙම දූෂිත පාලනය නොඉවසූ ඉතා සුළු පිරිසක් කෙසේ හෝ තම පෞද්ගලික අභිමතාර්ථ නොව රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම සිදු කරනු ලැබූහ. ඒ සුළුතර ජාතිමාමකයන් අතර සිටී එක් අභිමානවත් මිනිසෙකු හට අද රට කරවීමට අවස්ථාව ලැබී තිබේ. දරදඩු රාජපක්ෂ පාලනය විසින් තම බල පරාක්‍රමය වර්ධනය කරගැනීම සඳහාත්, තමන්ගේ මඩිය තරකර ගැනීම සඳහාත් යට ගසා තිබූ, අඩපණ කර තිබූ සංවර්ධන ක්‍රියාදාමයන් නැවතත් මතුකරලීමට අවස්ථාව උදා වී තිබේ. එකී අවස්ථාවෙන් සුවිශේෂී ඵල ප්‍රයෝජන ලබාගැනීම වස් මොරගහකන්ද ජල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම රටේ අනාගතයට කරනු ලබන මහඟු ආයෝජනයකි.

මහවැලි ව්‍යාපාරය ආරම්භයේ සිට එදා මෙදා තුර සැලසුම් වලට පමණක් සීමා වී තිබූ මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් අති මන්දගාමී ස්වරූපයක් ගනිද්දී මහවැලි අමාත්‍ය ධූරයේ රැදෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ව්‍යාපෘතියට පණ දීමට නොකළ දෙයක් නැත. එයට රජයක් ලෙස හෝ දේශප්‍රේමී නායකයෙකු ලෙස කිසිදු ආකාරයේ උනන්දුවක් දැරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා තරම් කෙනෙකු නොවීය.

2015 ජනවාරි 08 න් පසු ඇතිවන දේශපාලන වෙනසත් සමඟ එතෙක් තිබූ සියළු බාධක, කම්කටොළු, පුද්ගලික දේශපාලන පටු අරමුණු වලින් බැට කෑ මොරගහකන්ද ව්‍යාපෘතියටත්, එයින් අනාගතයේ මල්ඵල නෙලන අපේම ගොවිමිනිසුන්ගේ සංවර්ධනයටත් නව අරුණලු එක කරමින් මෙම ව්‍යාපෘතිය මල්පල දරන්නේය. එය එසේ වන්නේ මෙම ව්‍යාපෘතියට නව ජීවයක් දෙමින් යළි එය කාර්යක්ෂම කරවා 2016 ජුලි මස 25 වන දින, එනම් අද දින සුභ මොහොතින් වත්මන් ජනපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ සුරතින් නිධන් වස්තු තැම්පත් කොට ව්‍යාපෘතිය නැවත පණගැන්වීමත් සමඟය.

මෙම ව්‍යාපෘතිය පණගැන්වීමත් සමඟ ප්‍රතිලාභ වශයෙන් අනුරාධපුර, පොලොන්නරුව සේම ත්‍රිකුණාමලය පදිංචි ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ පානීය අවශ්‍යතා හා එදිනෙදා කටයුතු සඳහා ජලය මැනවින් කළමනාකරණය කිරීමට අවස්ථාව උදා වේ. මෙතෙක් ප්‍රමාණවත් ජලය නොලැබීමෙන් දුක්විඳි ජනයාට ස්ථීර විසඳුමක් ලැබීමෙන් කන්න දෙකේම වගාකල හැකි ගොවි බිම් ප්‍රමාණය හෙක්ටයාර් අසූ දෙදහසකට ආසන්න වනු ඇත. මේ හා සම්බන්ධව ඉදිවන විදුලි බලාගාර හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට එකතුවන විදුලි ධාරිතාව මෙගාවොට් 25 කි. නිතර ගංවතුරට අසුවන මනම්පිටිය හා සෝමාවතිය මෙම වාරිමාර්ග පද්ධතිය නිසා ගංවතුරට හසු නොවේ. මෙම මූලික කරුණු හැරුණු කොට අපේම දුක් විඳි ජනයා සඳහා ලැබෙන අතුරු ප්‍රතිලාභ බොහෝය.

ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමිවන ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය දැනටමත් සැලසුම් සකසා, අංශ කිහිපයක් සඳහා පිළියම් යොදා අවසන්ය. ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිම ව්‍යාපෘතියකින් නොදුන් තරම් අලාභානි සඳහා වන්දි ගෙවීම් මෙන්ම සහන සලසන එකම ව්‍යාපෘතියද මෙය වේ.

අද රට කරවන අභිමානවත් යුග පුරුෂයාගේ අවුරුදු එක හමාරක් පමණ වූ පාලන කාලය තුළ දිළිඳු පාසල් වල අකුරු කරන්නට ගිය දුවා දරුවන්ට රිසිසේ අකුරු කරන්නට අලුත් පාසල් ඉදිවිය. තව තවත් ඉදිවෙයි. මේ වනවිටත් කටු මැටි ගෙවල් වල පොල්තෙල් පහනේ ආලෝකයෙන් රැය පහන්කළ අපේම මිනිසුන් ගඩොලින් නිමවූ අලුත් නිවෙස් වල විදුලි ආලෝකයේ දිවිගෙවයි. අන්සතු ඉඩම්වල දහදිය හෙළු ඔවුන් තමන්ගේ ඉඩම් වල අද පල නෙළයි. තව පවුල් බොහෝ ගණනක් මේ වෙනුවෙන් මඟ බලා සිටියි. මොරගහකන්ද සමඟ දුප්පත් කමට තිත තබා සංවර්ධනයේ පහස ලබන අපේම මිනිසුන්ගේ සංවර්ධනයේ අරුණලු උදා වී තිබේ.

 

image description