පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතාගේ නිවසේ මේවන විට පොලොන්නරුව ඒකාබද්ධ බල මණ්ඩලයේ පිරිසක් සාකච්ඡා පවත්වමින් සිටින බව විස්වාසනීය ආරංචි මාර්ග අපවෙත වාර්තා කරයි.

වැඩිදුරටත් සඳහන් වන්නේ පසුගියදා රොෂාන් රණසිංහ මහතා විසින් ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත්වන බවට නිකුත් කල මාධ්‍ය නිවේදනය හේතුවෙන් එකාබද්ධ විපක්ෂයේ වැඩපිළිවෙල පිළිබඳ කලකිරුණු ඒකාබද්ධ බල මණ්ඩල සාමාජිකයින්ද මෙහිදී අදහස් දැක්වුයේ රොෂාන් රණසිංහ මහතා සමඟ තමන්ද ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වන බවයි.

වැඩි දුරටත් අදහස් දැක්වු බල මණ්ඩල සාමාජිකයින් කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්වී ඉදිරි දේශපාලන ගමනක් යෑම ඉතා සුදුසු බවයි

රොෂාන් රණසිංහ මහතා වත්මන් ආණ්ඩුවට සහයෝගය දීමට ආණ්ඩුවේ ප්‍රභල ඇමති වරයෙකු සමඟ පැවති සාකච්ඡාවකින් පසුව එකඟ වී ඇති බවට තොරතුරු අනාවරණය වෙයි.

මේ අතර ඒකාබද්ධ විපක්‍ෂයේ තවත් මන්ත්‍රීවරු පිරිසක්‌ ආණ්‌ඩුව සමඟ එක්‌වීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බව ශ්‍රීලනිප ලේකම් ඇමැති දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කර සිටී.

ඒ අනුව ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රබලයන් කිහිපදෙනකු ඇතුළු මන්ත්‍රීවරුන් කණ්‌ඩායමක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අවශ්‍ය ඕනෑම අවස්‌ථාවක සහාය ලබා දීමට සූදානමින් සිටින බව දිසානායක මහතා ප්‍රකාශ කළේය.

රාජපක්‍ෂ පවුල් පාලනය ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ටත් දැන් තිත්ත වී ඇති බව හෙතෙම කීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දෙකඩ කිරීමට දැඩි ලෙස විරෝධය පළ කරන මෙම කණ්‌ඩායම ජනාධිපතිවරයා සමඟත් පක්‍ෂයේ ප්‍රබලයන් සමඟත් සාකච්ඡා වට ගණනාවක්‌ පවත්වා තිබෙන බව ද මහ ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.