බැසිල් රාජපක්ෂගේ මජර ඩීල් දේශපාලනය මහින්ද රාජපක්ෂ මහතාව නව පක්ෂයක් වෙත තල්ලු කරමින් එක්සත් ජාතික පක්ෂය සමඟ ඩීල් දමමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට සැරසෙන බව අප මීට පෙරත් හෙළි කරනු ලැබුවා.

එයට හොඳම සාක්ෂියක් හා උදාහරණයක් සපයමින් මහින්ද රාජපක්ෂ මහතාගේ මෙන්ම නාමල් රාජපක්ෂගේද හොඳ හිතවතකු වන පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ අද ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන කටයුතු වලින් ඉවත් වීමට තීරණය කොට තිබෙනවා. ඒ වෙනුවෙන් ඔහු නිකුත් කල ලිපිය පහතින් දක්වා තිබෙනවා.

මෙම සිදුවීමට ආසන්නතම හේතුව ලෙසින් වාර්තා වන්නේ බැසිල් රාජපක්ෂ පොළොන්නරුවේ සිදු කරන දේශපාලන කුමන්ත්‍රණයක් නිසාවෙන් බවටයි. ලංකාව පුරාම බැසිල් සිදු කරන පරිදි තම පාලන කාලයේ හොරකං කරගත් ජනතා මුදල් නැවත බලයට පැමිණීමේ අදිටනින් පොම්ප කරන්නට පටන්ගෙන ඇත…
මෙහි ඇති අපුරුම කරුණ වන්නේ මහින්ද මහින්ද රාජපක්ෂ මහතාගේ මුහුණ පෙන්වමින් දේශපාලනය කරන බව පිටින් පෙන්වුවත් බැසිල් අනාගතයේ රජ වීමේ සිහිනයක් දකිමින් කටයුතු කිරීමක් පෙනෙන්නට තිබීමයි. රොෂාන් රණසිංහ මෙන්ම මීට ඉහතදී කාංචන විජේසේකර මන්ත්‍රී වරයාටද සිදුවුවා මෙන් මහින්ද රාජපක්ෂ මහතා සමග සිටින පුද්ගලයන් බැසිල් විසින් කපා තමාට කඩේ යන හෙන්චයියන් සමග කුට දේශපාලන ගමනක් යාමට ඔහු සැරසෙන්නේ නැවතත් එදා රාජපක්ෂ පාලන සමයේ මෙන් දුෂිත ඩීල් දේශපාලනයක් මෙරට ඇති කිරීම පිණිස වන්නට ඇත.

මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලනයද අගාධයකට ඇද දැමු මෙවන් වංචනිකයන් නැවතත් දේශපාලනයට ගෙන ඒමට දත කන මොලේ කලඳක් නැති උන්ට කියන්නට තිබෙන්නේ මෙතරම් මහින්ද වෙනුවෙන් කඩේ යන රොෂාන්ලාව පවා  බලය වෙනුවෙන් කපා දමන මෙවන් බල ලෝභී වංචා කාරයින් රටට සෙතක් කරන්නේ කෙසේද යන්නයි.

එදා මෛත්‍රීට කැපිලි දමා හොඳම එකෙන් ඇනගත් රාජපක්ෂලා තවමත් බල තන්හාවෙන් හැසිරෙන්නේ එදා පාඩම අමතකව ගොස් ඇති බව පෙනේ අවශ්‍යනම් ඉදිරියේදී තවත් පාඩම් ඕනෑතරම් කියා දීමට ජනතාව සුදානම් බව ඩීල් පක්ෂලා සිත තබා ගත යුතුය.

රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා නිකුත්කළ ලිපිය පහතින්