ලංකාදීප පුවත්පත පසුගියදා වාර්තා කර තිබුනේ කොළඹ කුණු අස් කිරීම සඳහා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නියෝග කල බවත් එය දින තුනකින් නිම කරන ලෙස දන්වා ඇති බවත්ය. එම පුවත්පත තම මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලය ලෙස එම පුවත දක්වා තිබුනේ පහත දැක්වෙන ආකාරයෙන්

එසේ තම පුවත්පතේ පලකල ප්‍රධාන සිරස්තලය අද දිනය වනවිට වෙනස් කර තිබුනේ පහත දැක්වෙන පරිදිය. තම පුවත්පතේ ප්‍රධාන ශීර්ෂය යටතේ ජනාධිපතිතුමන් ප්‍රකාශ කල බවට කි පුවත පසුවදා වනවිට ජනාධිපති වරයා එසේ නොකී බවට පළ කිරීමට තරම් මේ මාධ්‍ය සංස්කෘතිය පිරිහී තිබීම ලැජ්ජාවට කරුණකි.

රටේ ජාතික තලයේ පුවත්පතක් ලෙස ලංකාදීප පුවත්පත මෙසේ එක දිනයක පලකරන පුවත පහුවදාට වැරදියි කියන්නට තරම් වගකීමක් නොමැති වීමත් රටේ ප්‍රධාන ධාරාවේ මුද්‍රිත මාධ්‍යක් මෙසේ තුට්ටු දෙකේ මාධ්‍යක් හැසිරෙන ආකාරයෙන් ප්‍රවෘත්ති සමාජ ගත කිරීම තුල රටේ ජනතාවගේ තොරතුරු දන ගැනීමේ අයිතියද හෑල්ලුවට ලක් කොට ඇත.

මේ ආකාරයෙන් ජාතික තලයේ මාධ්‍ය තමන්ට ලැබුණු මාධ්‍ය නිදහස වල් බුරු නිදහසක් කරගෙන කැලෑ පත්තරයක් ආකාරයට හැසිරීම තුල පුවත්පතෙන් ඈත්වන පාඨක ජනතාව තවදුරටත් ඉන් ඉවත්ව සමාජජාල මගින් තොරතුරු දැන ගැනීමට යොමුවනු ඇත.

අපට ලංකාදීප මාධ්‍ය ආයතනයට කීමට ඇත්තේ මාධ්‍ය ආයතන හැසිරිය යුත්තේ තම ආයතන ප්‍රධානියාගේ මතය ජනගත කිරීමට නොව රටේ ඇති තොරතුරු ජනතාවට ලබාදීමට පමණක් බවයි… දේශපාලන කොන්ත්‍රාත් ජාතික පුවත්පත් වලින් ඉටු කිරීමට යාමෙන් පසුගිය කාලයේ මෙන් ජනමාධ්‍ය දේශපාලනීකරණය කිරීමේ වැරැද්ද ඔබ ආයතනය කිසිදා නොකරනු ඇතැයි සමාජ මාධ්‍ය ලෙස අප සිහිපත් කරමු…!