ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරය සැමරීමට දින හතරක් තිබියදී මාතර දිස්ත්‍රික්කයේ  ජන සහභාගිත්වය සහ සුදානම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් මේ වන විට මාතර තානායම හී දී පැවැත්වේ.
මාතර දිස්ත්‍රික්කයේ සියලුම ආසන සංවිධායකවරු එකතු වී මෙම මාධ්‍ය හමුව පවත්වයි.
විශේෂත්වයක් වනුයේ රාජ්‍ය අමාත්‍ය දිස්ත්‍රික් සංවිධායක ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අදාළ මාධ්‍ය සාකච්ඡාවට ඉදිරිපෙළ අසුන් නොගැනීමයි. බොහෝ දෙනෙකුගේ අවදානය මේ වන විට ඔහුට යොමු වී අත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  65 වන සංවත්සරයට මාතර දිස්ත්‍රික්කයේ ජන සහභාගිත්වය පිලිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා පැමිණ සිටි අතර ශාලාවේ වෙනත් ආසනයක සිට සමස්ථ මාධ්‍ය හමුව මෙහෙය වීම සිදු කරනු ලබයි.
පැමිණි මාධ්‍යවේදීන් අමාත්‍යවරයා මාධ්‍ය හමුවට අසුන් නොගැනීම පිලිබඳ ප්‍රශ්න කිරීමේදී එතුමා සඳහන් කළේ මාතර දිස්ත්‍රික්කයේ සංවිධායකවරයා ලෙස සැමවිටම මාගේ දෙවන පෙළ නායකයින් ශක්තිමත් කල යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරියට ඒමට ඒ අයටත් අවස්ථාවක් දිය යුතු බවත්ය.
තවද මාධ්‍ය හමුවේ මුලිකත්වය ගෙන තමා අසුන් ගතහොත් සියලු මාධ්‍ය ආයතන තමාගේ ප්‍රකාශය පමණක් විකාශනය වන බැවින් පක්ෂයේ උන්නතිය ගැන සිතා පෞද්ගලිකත්වය අමතක කොට තවත් නායකයන් රැසක් පක්ෂයෙන් බිහිවිය යුතුයි යන්න තමාගේ බලාපොරොත්තුව බවත් ඒ සමඟම මෙවර පක්ෂ සම්මේලනයට මැයි දිනයට නොදෙවෙනි ජන සහභාගිත්වයක් මාතරින් කුරුණෑගලට සහභාගී කරවන බවත් වැඩි දුරටත් කියා සිටියේය…
WhatsApp Image 2016-09-01 at 2.41.22 PM WhatsApp Image 2016-09-01 at 2.41.22 PM (1)

LEAVE A REPLY