ශ්‍රී ලංකාවේ මැණික් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 111.84කට අධික වටිනාකමකින් යුත් මැණික් තොගයක් හොං කොං හිදී සොරකම් කර තිබෙන බව සවුත් චයිනා මෝනින් පෝස්ට් පුවත් සේවය වාර්තා කරයි.

පසුගිය ඉරිදා දිනයේදී මෙම සොරකම සිදුව ඇති අතර සිද්ධියට භාජනය වි ඇත්තේ බේරුවල මැණික් ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් අසාන් මොහිඩීන් අබ්දුල් කාදර් නම් වූ පුද්ගලයෙකි.

ඔහු සන්තකයේ තිබී විවිධ ප්‍රමාණයේ මැණික් ගල් 750ක් පමණ මෙසේ සොරාගෙන ඇති බව සවුත් චයිනා මෝනිං පුවත් සේවය පවසයි. සොරකම් කරන ලද මැණික් ගොන්නේ විශාල වටිනාකම්වලින් යුත් නිල් මැණික්ද තිබෙන බව ව්‍යාපාරිකයා පවසා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු පිළිබඳව හොං කොං ආරක්ෂක අංශයන්හි අවධානය යොමුව තිබේ. ඇමෙරිකාවේ සිට ශ්‍රී ලංකාවට බලා පැමිණෙමින් සිටින අතර තුළදී ඔහු හොං කොං බලා පිටත්ව ගොස් තිබේ.

LEAVE A REPLY