මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකපිට යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රහස් පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව වාර්තා වෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හමුදා සැරයන්වරයෙක් මෙලෙස අත්අඩංගුවට  ගත් බවයි.