ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට සම්බන්ධ ප්‍රබල සැකරුවකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

මෙම සැකකරුවා ද යුධ හමුද බුද්ධි අංශයට අනුයුක්තව සේවය කළ නිලධාරියකු වන අතර මෙම ඝාතනය සඳහා නියෝග දුන් අය හා ඔහු දුරකථන ඔස්සේ සෘජු සම්බන්ධතා පවත්වා ඇති බවට සැක කෙරේ.

ලසන්ත ඝාතනය සඳහා යුධ හමුදා බුද්ධි අංශයේ කණ්ඩායම් තුනක්වත් වෙන වෙනම යොදවා ඇති බව අනාවරණය වී ඇති අතර එම තොරතුරු පසුගිය සතියේදී ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරයා හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වා තිබිණි.

උපාලි – කීත් නොයර් :

‘දිවයින’ හා ‘රිවිර’ පුවත් පත් හි ප්‍රධාන කතෘවරයාව සිටි උපාලි තෙන්නකොන් මහතාට පහර දී තුවාල සිදුකර ඇත්තේද ‘ද නේෂන්’ පුවත්පතේ හිටපු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීත් නොයර් මහතා පැහැරගෙන ගොස් පහර දුන් කණ්ඩායම මෙහෙයවා ඇත්තේ ද ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ මෙහෙයුම්කරුවා වූ යුධ හමුදා බුද්ධි අංශ නිලධාරියා ම බව මේ වන විට අනාවරණය කර ගෙන තිබේ.

උපාලි තෙන්නකෝන් මහතා හා ‘ලසන්ත ඝාතනයේ සැකකරුවන් බව මීට පෙර අනාවරණය වී තිබූ නමුත් නිශ්චිත පුද්ගලයන් කවුරුන්ද යන්න අනාවරණය වී නොතිබිණි.

එමෙන්ම මෙම සිදුවීම ත්‍රිත්වය සම්බන්ධයෙන් එවකට යුධ හමුදාපතිව සිටි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ එවකට සිටි ආරක්ෂකයන්ගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිත බවත් වාර්තාවේ.

කීත් නොයාර් මහතා පැහැරගෙන යාම සරත් ෆොන්සේකාගේ මෙහෙයවීම මත සිදුවුවක් බව බවට එවකට ඇතැම් මාධ්‍ය වාර්තාවන් හෙළිකර තිබිණි. යන්තමින් දිවිගලවා ගත් කීත් නොයාර් මහතා ජිවිතාරක්ෂාව පතා විදේශගතවිය.