ලසන්ත වික්‍රමතුංග ඝාතනය කලේ දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින යුද හමුදා බුද්ධි අංශ සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම හෙවත් ආනන්ද උදලාගම නමැත්තා නොව තමා යැයි සඳහන් ලිපියක් ලියා තබා සියදිවි නසා ගනු ලැබු විශ්‍රාමික බුද්ධි අංශ සාමාජිකයෙකුගේ මලසිරුරක් හමු වී ඇති බව පළ කරමින් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට කළලක් ඇති කරමින් මාධ්‍ය වාර්තා පල කෙරෙමින් තිබෙනවා.

මාධ්‍යවාර්තා සඳහන් කරන ආකාරයට මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ එදිරිසිංහ ජයමාන්න නමැති 51 හැවිරිදි තිදරු පියෙක් බවයි සඳහන් වන්නේ.
ඔහුගේ නිවසේ කුස්සියේ බාල්කයක මෙසේ ගෙල වැල ලාගෙන මිය ගොස් සිටියදී අද උදෑසන ඔහුගේ මෘත දේහය හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම තැනැත්තා සියදිවි හානි කරගැනීමට හේතුව සහ අදාල මල සිරුර අසලින් සොයා ගත්තා යැයි පවසන ලිපිය පිලිබඳ පරීක්ශණයක් සිදුකෙරෙමින් පවතින බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

ආන්දෝලනයට ලක් වී ඇති තවමත් අධිකරනයේ විභාග වෙමින් පවතින නඩුවකට අදාලව විද්‍යුත් මාධ්‍ය වගකීමකින් තොරව පුවත් පලකරමින් තීබීම අපේ රටේ ජන මාධ්‍ය අද පවතින්නේ කිනම් තත්වයකදැයි කිරා මැන බැලීමට හොඳ උදාහරණයක්.

අපේ රටේ ආරක්ෂක හමුදාවන් ජාතික ජාත්‍යන්තරවත් කලු පැල්ලමක් එල්ල වෙන තවමත් පරීක්ශණයක් සිදුකෙරෙමින් පවතින සිද්ධියක් රස කර, කර තලු මරමින් කිසිම වගකීමකින් තොරව මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ වගකීම යුධ හමුදා බුද්ධි අංශයට බැරකිරීම කෙතරම් සදාචාර සම්පන්න ක්‍රියාවක්දැයි මෙම ජනමාධ්‍ය නොවන ජඩ මාධ්‍යවේදීන් දෙවරක් සිතිය යුතුය.