ශ්‍රී ලංකා ක්‍රිකට් නව සීමිත පන්දුවාර නායක උපුල් තරංග බොහෝ අවස්තාවලදි තම ස්ථානය කැප කරමින් නවකයන්ට අවස්තාව ලබා දුන් ක්‍රීඩකයෙක් බව තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පවසනවා.

කණ්ඩායමේ අවශ්‍යතාවය අනුව උපුල් ආරම්භක පිතිකරණ ස්ථානය අතහැර නොම්මර තුන , හතර , පහ සහ හය යන ස්ථාන වල පවා උපුල් ක්‍රීඩා කල බව ඔහු පවසනවා.
එසේ සිදුවීම පිළිබද තේරීම් කමිටු සභාපතිවරයා ලෙස තමන් කණගාටු වන බවත් ලොකු ක්‍රීඩකයන් යැයි හදුන්වන ක්‍රීඩකයන් කිසිම දිනෙක තම ස්ථානයෙන් පහලට නොගිය බව සනත් ජයසූරිය ප්‍රකාශ කලා.
එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ටෙස්ට් , එක්දින , විස්සයි විස්ස ආකෘති තුනේම උපනායකයන් තවමත් පත්කර නොමැති අතර කණ්ඩායමේ අවශ්‍යතාවය අනුව ඉදිරියේදි උප නායකයන් නම් කරන බව ඔහු පැවසුවා.
පසුගිය දිනවල කණ්ඩායමට නවක ක්‍රීඩකයන් බොහො දෙනෙකු නම් කර අත්හදා බැලුවේ කණ්ඩායමේ ක්‍රීඩකයන් ආබාධ වලට ලක්වූ නිසා බවද ඔහු වැඩිදුරටත් සදහන් කලා.