බෞද්ධ දර්ශනය පසුබිම් කොටගත් සමාජ වටපිටාව හේතුවෙන් ලෝකයේ කිසිදු රටක දක්නට නොමැති පරිත්‍යාගශීලීත්වයක් සහ මනුෂ්‍යත්වය ශ්‍රී ලාංකික ජනතාව සතුව පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
පසුගියදා ඇතිවූ ව්‍යවසනයේදී ආදරයෙන්, කරුණාවෙන් සහ පරිත්‍යාගශීලීත්වයෙන් යුතුව විපතට පත් ජනතාවගේ දුක් – කඳුළු සමඟ එක්වෙමින් ඔවුන් සනසන්නට සියලු ජනතාව එකාමෙන් කටයුතු කළ බව ජනපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.
ඓතිහාසික උඩකොටුව බෝධිසමීප භීමතිත්ථ රාජමහා විහාරයේ පැවති ආගමික උත්සවයකට සහභාගීවෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසීය.