ලොවක් වැළඳගත් සුපිරි වෙළඳ නාමයක් ලොවක් අතරට ගෙනගිය කළ සුපිරි චරිතයක් වූ ටොයෝටා සමාගමේ හිටපු සභාපති Tatsuro Toyoda මියගොස් තිබෙනවා.

මියයන විට ඔහු 88 වන වියේ පසුවූවා.

ඔහු ලෝ පතල වෙළඳ නාමයක් වන ටොයෝටා සමාගමේ ආරම්භකයා වූ Sakichi Toyoda ගේ පුත්‍රයායි.

1990 වසර වනවිට ලොවම උඩුයටිකුරු කළ මෙම වෙළඳනාමය ජාත්‍යන්තරයට ගෙන යාමේ සම්පූර්ණ ගෞරවය හිමිවන්නේ Tatsuro Toyoda වෙතයි.

ඔහු toyota හි වඩාත් කාර්යාශුර මෙන්ම සේවකයන්ට වඩාත් හිතැති ප්‍රධානියෙක් ලෙස ප්‍රසිද්ධියට පත්වූවා.

බොහෝ අවස්ථාවලදී ඔහුගේ විසඳුම් බොහෝ පිරිසක් මවිතයට පත්කලා.

ලෝකයේ මෝටර් රථ වෙළඳපොලේ විප්ලවයක් ඇතිකළ Prius hybrid මෝටර් රථයට ලොවට හඳුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ ද Tatsuro Toyoda ටයි.

ඔහු වයස අවුරුදු 66 දී අධික රුධිර පීඩනය හේතුවෙන් රෝහල්ගතකළ අතර ඉන් අනතුරුව ඔහු toyota සමාගමේ සභාපතිත්වයෙන් ඉවත්වීමට පියවර ගෙන තිබෙනවා.

මේ වනවිට ඔහුගේ මුණුපුරා විසින් තම මුත්තණුවන් ගේ අඩිපාරේ යමින් වෙළඳපොළට පිවිස තිබෙනවා.