සාමසාධක කටයුතු සඳහා පිටත්කර යවන ලෝකයේ පිළිගත් විශිෂ්ට හමුදාවක් ශ්‍රී ලංකාවේ සිටියද, එම ලෝකයේ හොඳම හමුදාවේද මීහරක්ද සිටිය හැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයෙ (06) පැවසීය.

හමුදා නිල ඇඳුමක් හෝ සිවුරක් ඇඳ සිටියද වැරදි කළ අයට සමාවක් නොදිය යුතු බවත්, රටේ හා සමස්ත හමුදාවේ කීර්ති නාමය රැකගත හැකිවන්නේ එසේ කිරීමෙන් පමණක් බවත් ඇමතිවරයා සඳහන් කළේය.

හමුදාවේ සියළුමදෙනාට දඬුවම් ලබානොදෙන බව පැවසූ හෙතෙම වැරදි කළ අයට පමණත් දඬුවම් ලබාදෙන බවද කීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමඟ එක්ව මෙරට සෛරීභාවයට හැනිවන කිසිවක් සිදුකර නැතැයිද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

සම්පූර්ණ කතාවේ වීඩියෝව පහතින් (වීඩියෝ අනුග්‍රහය – හිරු)