ඊයේ (22) දිනයේදී රුසියාවේ පැවති රණවිරු උපහාර උළෙලක් අතර ධාරානිපාත වර්ෂාවක් මැද කුඩයක්ද නොමැතිව රණවිරුවන්ට ගෞරව කළ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් පිළිබඳව මේ වන විට විදෙස් මාධ්‍ය පැසසුම් සහගතව පුවත් වාර්තා කර තිබෙනවා.

මෙම උපහාර උළෙල අවස්ථාවට පුටින් සහභාගීවන විට එහි වළාකුළින් බර කාළගුණයක් පැවති අතර පසුව පුටින් විසින් රණවිරුවන්ට මල් වඩම් තබා උපහාර කරන අවස්ථාවේ ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලුනා. නමුත් ඔහු අසලට කිසිවෙකු කුඩයක් හෝ රැගෙන නොපැමිණි අතර වර්ෂාවේ තෙමෙමින්ම ඔහු විසින් රණවිරුවන්ට උපහාර දක්වන ආකාරය කාගෙත් පැසසුමට ලක්වුණා.

 

රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් මෙසේ ගෞරවය පුද කරන ලද රුසියාවේ රතු චතුරස්‍රයේ පිහිටි “නාඳුනන සොල්දාදුවාගේ ස්මාරකයට” පසුගියදා එරට සංචාරය කල ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ආචාර පුද කල අවස්ථාව පහතින්,

විශේෂයෙන්ම තිස් වසරක කුරිරු යුද්ධයකින් පසුව ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලින් එල්ල වූ දැඩි පීඩනය යටපත් කර, අපේ රටේ වීරෝධාර හමුදාව ජාත්‍යන්තර යුධ අධිකරණයට රැගෙන යෑමට සහ යුද්ධය නිම කිරීමට දේශපාලන නායකත්වය සැපයූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව විදුලි පුටුවෙන් බේරා ගත්තේද මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයායි. බටහිර රටවල අතකොලුවක් යැයි කියූ මෛත්‍රීපාල සිර්සේන ජනාධිපතිවරයාට රුසියානු ජනාහිපතිවරයාගෙන් නිල ඇරයුමක් ලැබි මෙවන් වූ අභිමානවත් ස්ථානයක ශ්‍රී ලාංකීය සළකුණ සටහන් කිරීමට අවස්ථාව ලැබීමද ඓතිහාසික කාරණයක් වෙනවා.

උපුටාගැනීම අපේ රට – Ape Rata