“ගෙවලයා“ යනු මැරුණත් තමන් සිටි නිවසට තිබෙන බැඳීම නිසා අත්හැර යා නොහැකිව ප්‍රේතයෙකුව එකී නිවසටම අරක් ගන්නා භූතයෙක් බව ජන සම්ප්‍රදායේ දැක්වේ.

ඉහගෙන කෑම නිසා වරායෙන් එළවා දැමූ අර්ජුන රණතුංග හිටපු වරාය ඇමැති ද ‘ගෙවලයෙකු‘ වී ඇති බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. ඒ ඔහු සදාකාලිකවම වරායේ ඇමැතිවරයාව සිටිනු ඇතැයි සිතා තමාට සැප පහසු පිණිස මිලියන ගණනක් වියදම් කර අලුතින් ප්‍රතිසංස්කරණ කළ වරායේ ‘නිල නිවස‘ අතහැර යා නොහැකිව තවමත් එහි පදිංචි වී සිටින බැවිනි.

ඛනිජ තෙල් අමාත්‍යාංශයට මාරු කෙරුණු අර්ජුන රණතුංග එහි නිල නිවස භාවිතා කළ යුතු වුවද තවමත් වරායේ නිල නිවසින් පිටව ගොස් නැත. තවමත් අර්ජුනගේ නිල නිවසේ සේවය කරන්නේ වරායේ සේවකයන් ය. එම නිවසේ විදුලිය දුරකථන වතුර බිල් ගෙවන්නේ වරායෙනි. මෙය පැහැදිලිවම දූෂනයකි.

කොළඹින් නිල නිවාස ලබා දෙන්නේ කොළඹ නිවාස නැති ඇමැතිවරුන්ට පමණක් වුවද අර්ජුන රණතුංගට හිමි කොළඹ නිවාස ගණනාවක් තිබියදී මෙලෙස රජයේ නිල නිවසක් භාවිතා කිරීම ද දූෂණයකි.

නව ඇමැති සහ සභාපති විසින් වරායේ වැඩ ආරම්භ කිරීමත් සමග හිටපු ඇමැති අර්ජුන සහ හිටපු සභාපති ධම්මික විසින් සිදුකර තිබූ අති දූෂිත ගණු දෙනු රැසක් අත් හිටුවා තිබේ. ඒවායේ වටිනාකම රුපියල් බිලියන 1 කට වැඩි බව ද දැනගන්නට තිබේ. ඒ පිලිබඳ සම්පූර්ණ වාර්තාවක් පසුව හෙළිකරන්නෙමු.

අර්ජුන සහ ඔහුගේ ඥාති හැතිකරය වරායෙන් එළවා දැමූ වරායේ වීරෝධාර සත්‍යවාදී බලකායට අර්ජුන නිල නිවසින් එළවා දැමීමට යන්නේ පැය කිහිපයක් පමණක් වුවද නව ඇමැති මහින්ද සමරසිංහ ඊට විරුද්ධ වීම නිසා තවමත් කරබාගෙන සිටිති.

නම්බුකාර ලෙස වරාය නිල නිවසින් නොගියහොත් ඇමැතිකමින් ගියාටත් වඩා අන්ත අන්දමට පීච්චං වී නිල නිවසින් යෑමට සිදුවිය හැකි බවට අර්ජුන රණතුංගට අනතුරු අඟවා තැබීම ලංකා ඊ නිව්ස් යුතු කමකි.

මේ අතර වරායේ අරක්ගෙන සිටි අර්ජුන රණතුංගගේ ඥාති හැතිකරය දැන් ඛනිජ තෙල් අමාත්‍යාංශයටද පැමිණ තිබේ. නාථ ගුණසේකර නමැති අර්ජුනගේ ඥාති සොයුරා ඛනිජ තෙල් අමාත්‍යාංශයට ගොස් එහි සිටි ආරක්ෂකයන්ට තර්ජනය කරමින් වසා තිබූ දොරවල් බලහත්කාරයෙන් අරිමින් ජෝගියක් නටා ඇතැයි ද වාර්තා වේ.

උපුටාගැනීම lankaenews