ඊයේ දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මල්වතු නාහිමියන් හමුවීමට ගියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව හා එහි ඇති අයහපත් දේ පිළිබඳව උන්වහන්සේලා දැනුවත් කිරීමටයි.

එහිදී නව සංශෝධනයේ ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය හෙවත් බුදු දහමට ඇති ප්‍රමුඛස්ථානය ඉවත් කරන බවට මන්ත්‍රීවරයා මහානායක හිමියන් දැනුවත් කිරීමේදී උන්වහන්සේ ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකර කතා බහ කරනු දක්නට ලැබුනා මෙහිදී උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ මේ පිළිබඳව ජනාධිපතිතුමා පැහැදිලිවම ප්‍රකාශයක් කල බවත් එතුමා අපට විශ්වාස බවත්ය… එක එක්කෙනා එක එක කතා කියනවා ඔබතුමාලා ඔය කමිටුවේ ඉඳලා එකඟ වෙලා මෙහෙම එලියට ඇවිත් එක එක ඒවා කියනවාට වඩා ඒවාට විරුද්ධ නොවී ඊට සුදුසු වෙනස් කම් කිරීමට කටයුතු කරන ලෙස උන්වහන්සේ උපදෙස්ද ලබා දුන්නා..

එමෙන්ම රටේ අනාගතය වෙනුවෙන් සියල්ලටම විරුද්ධ නොවී කටයුතු කරන ලෙස උන්වහන්සේලා දැනුම් දෙනු ලැබූ අතර දේශපාලනය පමණක් මුලික කොට නොගෙන රට වෙනුවෙන් කටයුතු කරන ලෙසද දැනුම් දී සිටියා.

එම වීඩියෝව පහතින්…