පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගත් පුද්ගලයෙකු දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

දෙහිවල පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ සෝදිසියකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

සැකකරු පිළියන්දල, මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන්ය.

ඔහු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY