වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විරෝධය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයේ පැවැති හමුවකදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙසු මන්ත්‍රිවරුන්ට ද ඊට විරෝධය පළ කරන ලෙස ඉල්ලා සිටින බවයි.

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නිල ස්ථාවරය ප්‍රකාශ කිරීමේ විශේෂ සාකච්ඡාවක් අද(08) පස්වරුවේ පැවැත්වෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත හෙට(09) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැළසුම් කර ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර තිබුණි.