තමා ඉකුත් දා කළ ප‍්‍රකාශයක් වැරදි ලෙස අර්ථ ගන්වා ඇතැයි උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් ඊයේ (02) ප‍්‍රකාශ කළා. ඒ, යාපනය දොරෙඅප්පා ක‍්‍රීඩාංගණයේ දී අද පස්වරුවේ ආරම්භ වූ 42 වන ජාතික මහා ක‍්‍රීඩා උළලේ සමාප්ති උත්සවය අමතමින්.

“මෑතකදී මම දෙමළ භාෂාවෙන් කියපු දෙයක් දකුණේ සිංහල ජනතාව වැරදි විදිහට තේරුම් අරගෙන තියෙනවා. මම නොකියපු දේවල් ගැන විවේචනය කරලා තියෙනවා. එක තැනක හින්දු කෝවිල හෝ බෞද්ධ විහාර හෝ ක්‍රිස්ත්‍රියානු පල්ලි හෝ මුස්ලිම් පල්ලි නිර්මාණය කිරීමට පෙර ඒ ඒ තැන්වලට තියෙන පළාත් පාලන අධිකාරියෙන් ඉල්ලීමක් කරලා ඉදිකිරීම් කරන්න නීතියක් තියෙනවා.

ඒ හැර හිතුවක්කාරකමකින් හමුදාවේ සහාය අරගෙන මිනිසුන්ගේ පෞද්ගලික ඉඩම්වල නිර්මාණය කරන එක බලහත්කාරයෙන් කරන එකක්. එහෙම කරන එකේ බලාපොරොත්තුව කුමක්ද කියලා අපේ මිනිස්සු අහනවා කියලා තමයි මම කිවුවේ. ඒකේ වැරැද්දක් තියෙන බව මටනම් තේරෙන්නේ නැහැ. ඒ නිසා මගේ කතාව නියම විදියට පරිවර්ථනය කරලා , කියවලා තේරුම් අරගෙන විවේචනය කරන්න කියලා මම ඔබතුමන්ලගෙන් ඉල්ලීමක් කරනවා”.

මෙම සමාප්ති උත්සවය අද ආරම්භ වූයේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

LEAVE A REPLY